යාපනය කෝපායි පොලිස් වසමේ යෝගපුරම් ප්රදේශයේදී රන් ආභරණ කොල්ලකෑමක් සමබන්ධයෙන් ඊයේ (29දා) සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට කොල්ලකරුවන් විසින් වැලි ප්රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි.
යෝගපුරම් ප්රදේශයේ සැඟව සිටි අදාල කොල්ලකරු අත්අඩංගුවට ගැනීම සඳහා චුන්නාගම් පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ගොස් අදාල සැකකරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන අවස්ථාවේදී සැකකරුවන් සමග සිටි 06 දෙනෙකුගෙන් යුත් පිරිසක් විසින් පොලිස් නිලධාරීන්ට එක වරම වැලි ප්රහාර එල්ල කොට පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සහ කරමින් සැකකරුද මුදවාගෙන පලා ගොස් ඇත.
අදාල පහරදීමෙන් පොලිස් නිලධාරීන්ට තුවාල සිදු නොවුවද වැලි ප්රහාරයන් හේතුවෙන් දෑස් වලට සුලු හානි සිදුවීමෙන් පොලිස් නිලධාරීන් නැවත පොලිස් ස්ථානයට පැමිණ ඇත.
වැලි ප්රහාරයන් එල්ල කොට පොලිස් නිලධාරීන්ගේ රාජකාරියටද බාධාකරමින් පහරදීමට උත්සහ ගත් අදාල පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා කෝපායි පොලීසිය සහ චුන්නාකම් පොලීසිය විසින් පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.