රාජපක්ෂ සමයේ ඩොලර් බිලියන 19ක් නීති විරෝධීව රටින් පිටවෙලා - පා.ම චම්පික
රාජපක්ෂ පාලන සමයේ ඩොලර් බිලියන 19ක් රටින් පිටතට නීති විරෝධීව ගමන් කොට ඇතැයි Illicit Financial Flows to and from Developing Countries: 2005-2014 නම් වාර්තාව මගින් හෙළිදරව් කොට ඇතැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අද (30දා) රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.
අද පැය දහයක් විදුලිය කැපෙනවා. අද මේ රටේ අත්‍යවශ්‍ය ඖෂධ නැහැ. අත්‍යවශ්‍ය ආහාර නැහැ. ගෑස් නැහැ. තෙල් නැහැ. ඒ වගේම විදුලි කප්පාදුව වෙනවා. මම මේ බව 2021 ඔක්තෝබර් මාසේ කිව්වේ මෙවැනි තත්වයක් ලංකාවේ ඇති වෙනවා කියලා. දැන් ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත වෙමින් තියෙන්නේ. අපි කියන දේවල් ඇත්ත වුන එක ගැන අපිට කිසිම සතුටක් නැහැ.
මේ විදිහට පාලනයකින් තොරව ගියොත් අප්‍රේල් 15 වෙනිදා වෙනකොට සම්පූර්ණ විදුලිබල පද්ධතිය ඇණ හිටිනවා. විසි හතර පැයම ලයිට් නැති රටක් වෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා බලන්න මෙන්න මේක කියවන්න කියලා මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා.
මේ තියෙන්නේ Illicit Financial Flows to and from Developing Countries: 2005-2014 මේ තමයි රාජපක්ෂ යුගයේ ශ්‍රී ලංකා පාලනය. මේ වාර්තාවේ තියෙනවා ඩොලර් බිලියන 19 ක් ලංකාවෙන් විදේශ රටවල් වලට නීති විරෝධීව ගමන් කරපු ආකාරය. විශේෂයෙන්ම 2010 සිට. ලංකාවේ 2015 සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 24 යි. 2005 සිට 2014 දක්වා නීති විරෝධීව රටෙන් එළියට ගිය ප්‍රමාණය ඩොලර් බිලියන 19 යි. මේ තමයි මේ රටෙන් මංකොල්ල කාපු ධනය. මේ මංකොල්ල කාපු ධනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද අපිට ණය ගෙවා ගන්න බැරි වෙලා තියෙන්නේ.
popular news
-
Sawa Thursday, 31 March 2022 01:36 AM
Ane mahaththayo oba thumala neda e aya samaga athwel bandage a datha shakthi math kale echchara kal ekata inna kota the rune nedda me ayage vidiya Dan serama horakam karana an balan in dala eyi mokuth kare neththe
Reply : 0 0
C.U. Thursday, 31 March 2022 05:49 AM
සත්‍ය පයලන විට බොරුව ලොව වටා රවුමක් ගොස් අවසන්! එසේ නම් 2015 පිහිටුවන ලද යහපාලනය මේවා නොසෙව්වේ ඇයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

