කෝවිල් දෙකක තිබූ පිං කැට කැඩු අයෙක් අත්අඩංගුවට
යාපනය පන්නෙයි ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හින්දු කෝවිල් දෙකක තිබූ පිං කැට කඩා මුදල් සොරාගන්නා ලද අයෙකු ඊයේ (29දා) දින අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.
පන්නෙයි ප්‍රදේශයේ පිහිටි අදාල හින්දු කෝවිල් දෙකේ පිහිටි පිං කැට පෙට්ටි කඩා මුදල් රැගෙන ගොස් ඇති බවට යාපනය පොලීසියට ලැබුනු පැමිණිළි වලට අනුව එහි නිලධාරීන් පිරිසක් කෝවිලට ගොස් සිදුකරන ලද පරික්ෂා වලදී එක් කෝවිලක තිබූ සී.සී.ටී.වී. කැමරාවල පිං කැටය කඩන ලද ආකාරය හමු වී ඇත.
සී.සී.ටී.වී. දර්ශන ආශ්‍රෙයන් සිදුකරන ලද පරික්ෂණ වලට අනුව යාපනය මණියන්තෝට්ටම්හි පදිංචි 34 හැවිරිදි අයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් පියවර ගත් අතර සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ නිවසේ තිබූ සිල්ලර කාසි ඇතුලු මුදල් රුපියල් 60,000 කට ආසන්න මුදලක්ද තිබී සොයාගනු ලැබීය.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු මීට පෙරද මෙලෙසින් කෝවිල්වල පිහිටි පිං කැට කඩා ඇති බවට තොරතුරු අනාවරනය වී ඇති අතර සැකකරු යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

popular news
-
samson de silva Thursday, 31 March 2022 03:00 AM
Ratey bhaandaagaraya namin handunwana pin ketaya kadana hora wesige puthaalata mokakda karanne? Unwa athandanguwata ganney neththe aeyi?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

