ඩිසල් ඉන්ධන ඉල්ලා බස් රථ,වැන් රථ ඇතුළු වාහන රියදුරන්, කොන්දොස්තරවරුන් සහ හිමිකරුවන් අද (30දා) දහවල් හැටන් නගර මධ්‍යයේ බස් නැවතුම්පොල අසලින් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ආරම්භ කල උද්ඝෝෂණයක් හේතුවෙන් ලංගම බස් රථ ඇතුළු සියළුම වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
දින දෙකක් තිස්සේ තමන් ඩිසල් ඉන්ධන ලබා ගැනිමට තම වාහන ඉන්ධන පිරවුම්හල අසල සිට ප්‍රධාන මාර්ගය දිගේ ගාල් කර තිබුණද තමන්ට ඉන්ධන නොලැබුණු බවත්, ලංගම බස් රථ ධාවනයට පමණක් රජය මගින් ඩිසල් ඉන්ධන ලබාදිම අසාධාරණ බවයි උද්ඝෝෂණයේ නියැලි පිරිස කියා සිටියේ.
උද්ඝෝෂණය හේතුවෙන් හැටන් නගර මධ්‍යයේ විශාල රථ වාහන තදබදයක් පවතින අතර , එය පාලනය කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් දැඩි උත්සහයක නිරත වන අයුරු අප කැමරාවේ සටහන් විය.
උද්ඝෝෂණයේ නියැලි සිටි පිරිස කියා සිටියේ ඩිසල් ඉන්ධන කඩිනමින් තමන්ට නොලැබුණ හොත් මුළු වතුකරය පුරා ප්‍රධාන මාර්ග අවහිර කරමින් තමන් උද්ඝෝෂණයක නිරත වන බවයි.