පේරාදෙණිය සරසවි සිසුවෙක් සියදිවි හානි කර ගනී
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුවෙක් ඊයේ (29දා) විශ්වවිද්‍යාල නේවාසිකාගාරය තුලදි සියදිවි හානි කරගෙන ඇති බව පේරාදෙනිය පොලීසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි යු.ජී.එස්.සසංක නමැති විසිපස් හැවිරිදි සිසුවෙකි.
ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුන් ගේ අවසන් විභාගය මෙම දිනවල පැවැත්වෙන අතර මියගිය සිසුවා එම විභාගයේ අවසන් පත්‍ර පත්‍රයට හැර සෙසු ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියා ඇති බව පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ .
අවසන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට මෙම සිසුවා නොපැමිණීම හේතුවෙන් ඔහුගේ මිතුරන් ඔහු ගැන සොයා බැලීමේදී ඔහුගේ ජංගම දුරකතනය ක්‍රියාවිරහිත කොට තිබෙන බව අනාවරණය වී ඇත.
ඉන් අනතුරුව සේනක බිබිලේ නේවාසිකාගාරයේ නවාතැන්ගෙන සිටි මෙම සිසුවා ඔහුගේ කාමරය තුළ සිය දිවි හානි කරගෙන සිටියදී මුලින්ම දැක ඇත්තේ ඔහුගේ කාමරයේ සිටි මිතුරන් දෙදෙනා බව පොලිසිය කියයි .
ඒ පිළිබඳව සොයා බැලීමේදී ඔහුගේ කාමරයේ මේසය උඩ මට සමාවෙන්න මේ පීඩනය තවත් දරාගන්න බෑ . මගේ මරණයට කිසිවෙක් වග කිව යුතු නැහැ . යනුවෙන් සිසුවා විසින් ලියන ලද ලිපියක් ද හමුවී තිබේ .
පේරාදෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
ෂේන් සෙනෙවිරත්න

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

