ඇන්තූරියම් මුවාවෙන් ගංජා වගා කළ කාන්තාවක් අත්අඩංගුවට
ඇන්තූරියම් වගාවක් මුවාවෙන් ගංජා වගාවක් පවත්වාගෙන ගිය කාන්තාවක් ඊයේ (29දා) දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රුක්මල්ගම විජයපුර ප්රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය කියයි .
ඇන්තුරියම් මල් වගාවක් පවත්වාගෙන යමින් ගංජා වගාවක් පවත්වාගෙන යන කාන්තාවක් පිළිබඳව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට පසුගියදා තොරතුරක් ලැබී තිබුණි.
පසුව ඒ පිළිබඳ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නිලධාරීන් කණ්ඩායමක් සමඟ එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී ඇන්තූරියම් මල් වගාව පිටුපස උස අඩි 6 ක් වූ සරුවට වැඩී තිබූ ගංජා ගසක් හමු වූ බව පොලීසිය කියයි .
ඒ අනුව මල් වගාව පවත්වාගෙන ගිය කාන්තාව අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී මීට මාස පහකට පෙර ලැබී තිබූ ගංජා ඇට කිහිපයක් තවාන් දැමූ බවත් ඉන් පැළ කිහිපයක් වැඩී , මීට මාසයකට පමණ පෙර අනෙක් පැළ මැරී ගොස් ඇති බවත් මේ ගස පමණක් සරුවට වැඩි ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය කියයි .
මෙම ගංජා ගසේ ඵලදාව පසුකලෙක අලෙවි කිරීමේ අරමුණින් වගා කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
ඒ අනුව අත්අඩංගුවට ගත් කාන්තාව හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
මත්තේගොඩ ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න

popular news
-
Jayantha Chandrartne Wednesday, 30 March 2022 08:18 AM
මේක අල්ලගත්ත අයට තරු දෙක ගානේ දෙන්න ඕනෑ. මේක පත්තරේට ලියපු කෙනාගෙත් පඩි වැඩි කරන්න ඕනෑ. පිංතූරේ ඉන්නේ හරියට ගංජා හේනක් වැටලුවා වගේ. මේ රටේ මෙච්චර කුඩු ගංජා විකුනනවා. ඒ දිහා ඇස් ඇරලා බලන්නේ නෑ.
Reply : 1 3
නුවන් ඉන්දික Sunday, 03 April 2022 02:03 AM
මම හිතුව ගන්ජ වගාවක් කිව්වහම පැල 100ක් වත් ඇති කියල ලැජ්ජයි පොලිස් බල්ලනේ කලිසම ගකවලා පලයං හිර්කිිත හැත්ත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

