ලංකා කම්කරු කොන්ග්‍රසයේ නව නිලධාරි මණ්ඩලයක් එම පක්ෂයේ ජාතික සභාව විසින් අද (30දා) පත්කරගෙන ඇත.
කොටගල ලංකා කම්කරු කොන්ග්රස් මුලස්ථානයේදි එම පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහිදි ජාතික සභාව විසින් ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපතිවරයා වශයෙන් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන්,පක්ෂ නායකයා වශයෙන් සෙන්දිල් තොණ්ඩමන්, පක්ෂ මහලේකම් වශයෙන් රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් යන මහත්වරුන් පත්කරගෙන ඇත.
එම පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් පි.පි.සත්‍යවේල්, නියෝජ්‍ය සභාපතිවරයා වශයෙන් අනුෂා සිවරාජා සහ කනපති කනගරාජ් යන මහත්ම මහත්මියන් පත්කරගෙන ඇත.
මිට අමතරව එම පක්ෂයට උප සභාපතිවරුන් 14 දෙනෙකු ජාතික සභාවේදි තොරාපත් කරගත් බව පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසිය.
