පැය 13ක විදුලි කප්පාදුවක් හෙට
බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග නොමැති වීම හේතුවෙන් හෙට (31දා) දිනයේදී පැය 13ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
මේ අනුව A,B,C,D,E,F,P,Q,R,S යන කලාපවලට අද උදෑසන 03.00 සිට උදෑසන 06.00 දක්වා පැය තුනක කාලයක්, දහවල් 12.00 සිට සවස 04.00 දක්වා පැය 04 කාලයක් හා සවස 06.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 06ක කාලයක් වශයෙන් විදුලි කප්පාදු කිරීම සිදුවේ.
එමෙන්ම G,H,I,J,K,L,T,U,V,W යන කලාපවලට මධ්‍යම රාත්‍රී 12.00 සිට උදෑසන 03.00 දක්වා පැය 03ක කාලයක්, උදෑසන 08.00 සිට දහවල් 12.00 දක්වා පැය 04ක කාලයක් හා සවස 04.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 06ක කාලයක් විදුලිය විසන්ධි කිරීම සිදු කරේ.
මීට අමතරව M,N,O,X,Y,Z යන කලාපවලට උදෑසන 05.30 සිට උදෑසන 09.00 දක්වා පැය 03යි විනාඩි 30ක කාලයක් හා සවස 04.00 සිට 06.00 දක්වා පැය 02ක කාලයක් විදුලි කප්පාදු කිරීම සිදු වේ.
අද (30දා) දිනයේදී පැය 10ක විදුලි කප්පාදුවක් සිදු විය. මේ හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්වූ අතර, බොහෝ කර්මාන්තශාලා කටයුතු පවා ඇනහිට තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

