කැප්පෙටිපොළ බොරලන්ද 10 කණුව ගල් පාලම අසලදී ඊයේ (29දා) සවස කිරි බවුසරයක් හා යතුරුපැදියක් ගැටි යතුරුපැදිකරු බරපතල තුවාල ලබා බොරලන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වී ඇතැයි බෝගහකුඹුර පොලීසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ගලහිටියාව හින්නාරංගොල්ල බොරලන්ද ලිපිනයේ පදිංචි ඩබ්ලිව්. ජී.හර්ෂ රුවන් කුමාර නමැති විසි තුන් හැවිරිදි තරුණයෙකි.
යතුරුපැදිය ලිස්සා ගොස් බවුසරයක ගැටීමත් සමග තරුණයා බවුසරය යටින් ඉදිරිපස සිට පිටුපසට විසිවී ගොස් මාර්ගයට වැටී සිටි බවද පොලීසිය කියයි.
කිරි බවුසරය සහ එහි රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. බෝගහකුඹුර පොලීසිය පරීක්ෂණ පවත්වයි.
හල්දුම්මුල්ල එස් පී නානායක්කාර