saravita-anim2

2025 නොවැම්බර් මස 17 වන සඳුදා

2025 නොවැම්බර් මස 17 වන සඳුදා

Latest News - timelapse 6001 hours ago

LATEST

තණමල්විල වෙළෙඳසැලක් කොල්ලකෑමේ සිද්ධියට 02ක් අත්අඩංගුවට

calendar_today 2022 පෙබ 11 - 12:34 remove_red_eye - 415  

තණමල්විල කුඩාඔය පරාක්‍රමපුර ප්‍රදේශයේ පිහිටි එළවළු වෙළෙඳසැලකින් පසුගියදා මධ්‍යම රාත්‍රියේ රුපියල් ලක්ෂ හතක් වටිනා මුදල් සහ රන්මුදුවක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ තරුණයින් දෙදෙනෙකු සැකපිට මොනරාගල පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බීමතින් ත්‍රීවිල් රථයක් පැදවීමේ චෝදනාවට අධිකරණයේදී වරදකරු වී මාස 06 කට රියදුරු බලපත්‍රය අවලංගු කර සිටි පුද්ගලයෙක් මාස 06 ඉක්ම යාමට ප්‍රථම නැවතත් බීමතින් රියදුරු බලපත්‍රයක් නොමැතිව ත්‍රීවීල් රථයක් ධාවනය කරමින් සිටියදී මස්කෙළිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවිමෙන් අනතුරුව වරද පිළිගත් චූදිතට රුපියල් 75,000/- ක දඩ මුදලක් ගෙවන ලෙස විනිසුරු අසංගා හෙට්ටිවත්ත මෙනවිය විසින් නියෝග කළාය.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ප්‍රධාන මාර්ගය දෙපස ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආනයනය කරන අර්තාපල් අල සහ ලොකු ලූනු අලෙවිකරණ ක්‍රියාවලිය නිසා මාර්ගයේ ගමන් කරන අනෙකුත් ගොවි ජනතාවට ගමන් කිරීමට නොහැකි දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගොවීහු පෙන්වා දෙති .

Read More

(LONG READS) විජේපාල මාමා අපිට හමුවෙන්නේ වැලිකඩ බන්ධනාගාරය ඉස්සරහදි. හරියටම කිව්වොත් කැම්බල් පිටියේ තාප්පේ ළඟදි. නිතර නිතර මෙතනින් යන අය නම් විජේපාල මාමව දැකලත් ඇති. දන්නවත් ඇති. විජේපාල මාමට තියෙන්නෙ ලස්සන හිනාවක්. ඒක අවංක හිනාවක්. එයා එතැන ඉඳලා මුළු දවසෙම ලස්සන පුංචි ව්‍යාපාරයක් කරනවා. කොට්ටං තලනවා. අවුරුදු විස්සක් විතර කොට්ටං තලන විජේපාල මාමව හොයාගෙන අපිත් ගියා.

Read More

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වටවල දුම්රිය ස්ථානයේදි අද (11දා) පීලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

Read More

ජනාධිපතිවරයා විසින් තමන්ව දේශපාලන අභියෝගයක් ලෙස පිළිගැනීම පිළිබඳව තමන් සතුටු වන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

පෙබරවාරි මස 14 දිනට යෙදී තිබෙන ආදරවන්තයින්ගේ දිනයට නව අරුතක් එකතු කරමින් ආදරයට පැළයක් තේමාව යටතේ රුක්රෝපණ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

Read More

අයිස් මත්ද්‍රව්‍ය කිිලෝ 2 ග්‍රැම් 579ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ග්ත බව පොලීසිය කියයි. පෑලියගොඩ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වත්තල සිදුකළ වැටලීමකදි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Read More

අඩු කාලයකදී වැඩි අස්වැන්නක ලබාගත හැකි මෙන්ම ළපටි පෙනුම දිගටම පවතින, වැඩිවාර ගණනක් අස්වැන්න ලබාගත හැකි බෝංචි ප්‍රභේදයක් සොයාගෙන ඇතැයි කෘෂිකර්ම තොරතුරු හා සන්නිවෙදන මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ දක්වා කාලය තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බෝංචි ප්‍රභේද හතක් නිර්දේශ කර තිබෙනබවත්, මේ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සොයාගත් අටවැනි ප්‍රභේදය ’කැකුළු’ ලෙස නම්කර තිබෙයි.

Read More

නඩු විභාගයට අනුව ජූරි නඩු විභාගයකින් තීරණය කළ යුතු වන්දි සහ දඬුවම් මෙන්ම, ඔවුන්ගේ නීතිඥ ගාස්තුද මෙම පැමිණිලිකාර හාවඩ් සිසුවියන් තිදෙනා අපේක්ෂා කරයි.

Read More

මොරටුව එගොඩඋයන ප්‍ර දේ්ශයදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පොලිස් විශේස කාර්ය බළකාය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන සමිර සම්පත් නොහොත් අබ්බා යන අය ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ගෙවීගිය දින හතක කාලය තුළදීවී අලෙවි මණ්ඩලය විසින් රජයේ සහතික මිලට වී මෙට්‍රික්ටොන් 25,000ක්මිලදී ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල්ද අල්විස් මහතා සඳහන් කළේය.

Read More

සඳුදා අග ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවට අනුව, පෙබරවාරි 3දා වනවිට දරුවන් ආශ්‍රිත කොවිඩ්‍-19 රෝගීන් 12,042,870 ක් රට පුරා වාර්තා වී ඇති අතර, තහවුරු වූ සියලුම රෝගීන්ගෙන් 18.9%ක් මෙසේ දරුවන් නියෝජනය කර තිබේ.

Read More

මැතිවරණයක් පැවැත්වීම හරහා ආර්ථිකය බංකොළොත්භාවයකට වැටීමේ වේගය වැඩිදියුණු කර නොගන්නා ලෙස ආණ්ඩුවට ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව ඔහුගේ කාර්යාලය ප්‍රකාශ කළේ, සිංහාසනයේ උරුමක්කාරයා දෙවැනි වරටත් ආසාදනය වූ බව තහවුරු කරමිනි.

Read More

මැතිවරණ සඳහා කිසිදු දිනක රාජපක්ෂවරුන් බිය නොවන බැවින් මැතිවරණ සඳහා ඕනෑම අවස්ථාවක ආණ්ඩුව සූදානම් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

ෂී සිය පණිවිඩයේ සඳහන් කර තිබුණේ, තමා සහ ඔහුගේ බිරිඳ පෙන්ග් ලියුආන් මේ අවස්ථාවේදී ඔවුන් සමග සිටින බවත්, ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත්ය.

Read More

නිවිතිගල පොදු ක්‍රිඩාංගනයේ ඊයේ (09දා) රාත්‍රී පැවති සංගිත සංදර්ශනයක් අවසානයේ දි එම ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිසක් සංගිත කණඩායමේ වාදන හා ව්ද්‍යුත් භාණ්ඩ වලට අලාභ හානි කර ඇතැයි ප්‍රසංගය සංවිධායකයෝ පවසයි.

Read More

කොස්ටාරිකා ජනාධිපති කාලෝස් අල්වරාඩෝ කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර හුදකලා වී සිටින බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

Read More

සැමියා විසින් නිළ ඇදුමට පෙට්‍රල් හලා සිරුරට ගිනි තැබිම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ඊයේ (09දා) මියගොස් තිබේ.

Read More

අධිභාර බද්ධ සම්බන්ධ ගැසට් නිවේදනය රිවස් කර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සඳහන් කරන බවත්, එසේ නොමැති නම් දේශපාලන වශයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සමග සටනකට පැමිණෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් විසින් ආරම්භ කෙරුණු වැඩ වර්ජනය අත්හිටුවන ලෙස කොළඹ දිසා අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර ඇත.

Read More

පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සඳහා සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය. ඒ අනුව අනුරාධපුර රැලියේදී මැතිවරණ සඳහා සූදානම් වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ අභියෝගය භාර ගන්නා බව අද (10දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

Read More

බුත්තල පොලිස් වසමේ පොල්ගහවත්ත මාර්ගයේ දික්යාය ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ තිබූ අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකරන මත්කුඩු ග්‍රෑම් 8ක් සහ ඉලෙක්ට්‍රොනික් තරාදියක් පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් ඊයේ (9දා) අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

කෝව්ඩ්-19 ඔමික්‍රොන් ප්‍රභේදයෙහි ස්වභාවය සහ මෙරට තුළ කෝවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමු කරමින් කෝවිඩ් ආසාදිත පුද්ගලයන් දින 07ක කාලයකින් පසු සේවා කටයුතු සඳහා කැඳවීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ලෙස නැවතත් පත්කෙරේ.

Read More

තැඹිලි වල්ලක් කපමින් සිටියදී පාදයට පිහිපහරක් වැදී අධික රුධිර වහනය සමගින් ගස උඩ සිහිමුර්ජාවී සිටි තරුණයකු කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකය සමග එක්ව කල මෙහෙයුමකදී බේරාගැනීමට හැකිවූ බව දොඩම්ගොඩ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද පුෂ්පකුමාර මහතා පැවසීය .

Read More

විශේෂයෙන්ම රජයේ විදේශ විනිමය සංචිතය ගැන පැහැදිලිව දෙන්න ඕන. අද දෙන සමහර කරුණු වල චීනය හා ඉන්දියාවෙන් දුන්න ස්ෆොට් එකත්, ඒ වගේම ණයත් ඇතුළු කරලා තියෙනවා. ඒවා වෙනම දෙන්න.මොකද අද ඉතුරුවෙලා තියෙන ගාන ඇත්ත වශයෙන්ම ඩොලර් බිලියනයක් කියලා කථාවක් යනවා

Read More

ඇත්ත වශයෙන්ම දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රභල තරුණ පිතිකරුවෙකුට තරග පාවාදීමක් සඳහා යෝජනා කර තිබුණා. ඔහුට යෝජනා කර තිබුණේ හිට් විකට් එකකින් දැවී යන ලෙස. ඒ සඳහා විශාල මුදලක් ලබාදිය හැකි බවට ඔහුට දන්වලා තිබුණා. ඒ යෝජනාව කර තිබුණේ දැනට ශ්‍රී ලංකාවේ මැණික් ව්‍යාපාරයේ යෙදෙන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙක් හා ඔහුගේ මිතුරෙක්. එම අවස්ථාවේදීම එම ක්‍රීඩකයා ඒ පිළිබඳව අපිව දැනුවත් කළා.

Read More

ඉන්දීය අයි.ඕ.සී.සමාගම , සිය ඩීසල් අලෙවි කිරීමේ මිළ රුපියල් 03 කින් ඉහළ දැමීමත් සමගම , කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්ධන පිරවුම් හළ ඇතුළු අවට ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හළ් වලද , ඩීසල් , දැනට දින තුනක සිට නොමැති වීම නිසා ප්‍රදේශවාසී වාහන හිමිකරුවන් මෙන්ම ගුවන් තොටුපළ මෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය වෙත පැමිණෙන වාහන කරුවන් ද බලවත් අසීරුතාවට පත් වී සිටිති .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.