saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 6324 hours ago

LATEST

බලය අතහරින්නේ නැතිව අපේ ජීවිතත් කාලකණ්ණි කරලා අනුන්ගේ ජීවිතත් කාලකණ්ණි කරනවා

calendar_today 2022 අප්‍රේ 15 - 19:30 remove_red_eye - 1147  

අත්නොහැරීම තුලින් තමන්ගේ මෙන්ම අනුන්ගේ ජීවිතද විනාශයට පත්වන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරයි.

ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවස් සමාගම බදු පදනම මත ගුවන් යානා ලබා ගැනීමට කැමැත්ත පලකිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව අවලංගු කරන ලෙස එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණදෙමින් සිටින බරපතල දේශපාලන, ආර්ථික හා සමාජයීය අර්බුදය හේතුවෙන් සමස්ත ජනතාවට මුහුණදීමට සිදුව ඇති අපහසුතා මත පදනම් වෙමින් ගොඩනැගුණු සමාජ අරගලය පාලකයින් විසින් අවතක්සේරු කරමින් හා මහජන නියෝජිතයින් ලෙස ඔවුන්ගේ වගකීම් පැහැර හරිමින් කටයුතු කරමින් සිටින බව පැෆරල් සංවිධානය පෙන්වා දෙයි.

Read More

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.

Read More

ගෝඨාගෝගම අරගලයට මෙරට ප්‍රවීණතම ගායන ශිල්පියෙකු ටී.එම් ජයරත්න මහතාද අද පස්වරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල අරගලයට එක්ව තිබේ.

Read More

සිය නිල ඇඳුමින් සැරසී ඊයේ (14) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අරගලය සඳහා සහභාගිවී සිටි පොලිස් නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබේ.

Read More

හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද හිමිවන ජනපති හිමිකම් හා වරප්‍රසාද පනත පාර්ලිමේන්තුවෙන් අහෝසි කරන්නේ නම් එය ඉතා හොඳ ක්‍රියාවක් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කරයි.

Read More

එලැඹෙන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී තමා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉවත් වීමට තීරණය කල බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය සඳහන් කරයි.

Read More

අද (15) දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන පිරවුම්හල් තුලින් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

Read More

සිය ඉල්ලා අස්වීමේ ලිපිය සමග දීර්ඝ ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමුකරමින් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති අතර එම ලිපිය මගින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් සිය ආයතනය භාරගැනීමේදි දූෂණ අක්‍රමිකතා වලින් පිරුණු ආයතනයක් මෙන්ම රාජ්‍ය මූල්‍ය විගණනයක් පවා නොතිබුණු බවත් තමන් ප්‍රථමව මූළ්‍ය විගණනයක් ඇතිකර විනිවිදභායක් ඇති කල බවයි.

Read More

ගාළුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාව සඳහා ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක මහත්මියද අද එක්ව තිබේ.

Read More

උදාවූ සිංහල අලුත් අවුරුද්දෙන් පසු රට තවදුරටත් ප්‍රපාතයට ගමන් ගන්නා බවත් දෙස් විදෙස් ණය ගෙවීම නතර කිරීම තුළින් දරුනු ප්‍රතිවිපාක අත්විඳින්නට සිදුවිය හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය වසරේදී උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත රැගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය අඩංගු ගුවන් යානා සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් එම සිදුවීම පිලිබඳ පැහැදිලි කිරීමක් කර ඇත.

Read More

අළුත් අවුරුදු නිවාඩු සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ පැමිණීමට විශේෂ බස් රථ සේවාවක් අද (15) සිට ධාවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

Read More

විශේෂඥ වෛද්‍යවරුන් වශයෙන් දැනට රටේ ඇතිව ඇති අර්බුද හමුවේ සිවිල් ජනතාවගේ කැළඹීම පිලිබඳව නිරන්තර අවධානයෙන් සිටින බවත් දැනට රට මුහුණ දී සිටින අත්‍යවශ්‍ය ද්‍රව්‍යන්ගේ හිඟය, විදුලි කප්පාදුව සහ දිනෙන් දින වැඩිවන ජීවන වියදම ආදී නොයෙකුත් හේතුන් මත මෙම කැලඹීම මහජනතාව තුලින්ම නිර්මාණය වූවක් බව ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොළඹ ගාළු මුවදොර අසල පැවැත්වෙන විරෝධතා භූමිය වෙත පැමිණි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රිඩකයෙකු වන ධම්මික ප්‍රසාද් එහි සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

Read More

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලය අසල අඛණ්ඩව පැවැත්වෙන විරෝධතාව අද (15) දිනයේත් පැවැත්වෙයි.

Read More

මෙම වන විනාශයට සෘජුවම මැදිහත්ව ඇති බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ කියා සිටියේ ආදිවාසී ප්‍රජාවන් රටේ සංවර්ධනයට බාධා කරන බවයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ගුවන් යානා 21ක් බදු පදනම මත මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවා තිබේ.

Read More

යුක්රේනයෙන් එල්ල වූ කෲස් මිසයිලයක් හේතුවෙන් නෞකාවේ බඳට හානි වූ බව පසුගියදා යුක්රේනයේ ඔඩේසා ප්‍රදේශයේ ආණ්ඩුකාර මැක්සිම් මාර්චෙන්කෝ පවසා සිටියත්, රුසියාව එම වාර්තා ප්‍රතික්ෂේප කරයි.

Read More

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාකරුවන් අතරට පැමිණ අරගලට සහය පලකල පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං පවසන පරිදි චීනය සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම්ද මේ වසරේ නිම කිරීමට නියමිතය.

Read More

මහනුවර සිට කොළඹ බලා ධාවනයවූ දුම්රියක නැගි තරුණ තරුණියන් විශාල පිරිසක් මේ වනවිට ආණ්ඩුවට එරෙහි ජනතා අරගලය සඳහා කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය පිටිහි ගෝඨාගෝගමට පැමිණ ඇති බව වාර්තා වෙයි.

Read More

දකුණු අප්‍රිකානු කාලගුණ සේවය පැවසුවේ මෙම ගංවතුර තත්ත්වය දකුණු අප්‍රිකානු ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත් අතරට පැමිණ ඇති බවයි.

Read More

උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්දේ හදිසි අනතුරුවලින් මේ වනවිට පුද්ගලයන් 167 ප්‍රථිකාර සඳහා රොහල කරා පැමිණි බව කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ කොටස්වලින් 5%ක් හිමි සෞදි අරාබියේ අල් වලීඩ් බින් තලාල් පෙන්වා දෙන්නේ, ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරියා පහසුවෙන් මුදල් ඉපැයීමට අරඅඳින බවයි.

Read More

ආණ්ඩුවට එරෙහි කොළඹ ගාළු මුවදොර පැවැත්වෙන අඛන්ඩ විරෝධතාවයට සහය පලකරමින් පොලිස් නිලධාරියෙකුද එක්ව තිබේ.

Read More

රට තුල ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බව කල් තියා දැන්වූවත් අදාල බලධාරීන් ඒ සම්බන්ධව නිහඬ පිලිවෙතක් අනුගමනය කල බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය චෝදනා කරයි.

Read More

ණය හිමියන් සමඟ “සහයෝගී සංවාදයක” නිරත වීමේ ශ්‍රී ලංකාවේ සැලසුම්වලට සහය දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) බදාදා (13) ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.