අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව රජයේ තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම අද (20දා) දිවුරුම් දිමට නියමිත බව වාර්තා වෙයි.
මේ වන විට අමාත්‍යවරුන් සිව් දෙනෙක් දිවුරුම් දී තිබේ. අද දිනයේදී දිවරුම් දෙන අමාත්‍යවරුන් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක්, සමගි ජල බලවේගයේ පිරිසක්, ලංකා කම්කරු කොංග්‍රසය, ඊ.පී.ඩී.පී. පක්ෂයේ ඩග්ලස් දේවානන්දා ඇතුළු පිරිසක් සිටින බව වාර්තා වෙයි.
ජනපති හා අග්‍රාමාත්‍යවරයා දරණ ඇමතිධුරද අනුව නව රජයේ අමාත්‍යධුර සංඛ්‍යාව මිට පෙර 20ක්ව තබා ගැනිමට යෝජනා වි තිබුණි. කෙසේ වෙතත් මේ වන විට එම සංඛ්‍යාව 25ක් දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වෙයි.
කෙසේ වෙතත් නව අමාත්‍යවරුන්ට වැටුප් හිමි නොවන අතරට ඔවුන්ගේ වරප්‍රසාද වල කප්පාදුවක්ද සිදුවෙයි.