පොලොන්නරුව දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රි අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක පොලිස් සැරයන් ගුණවර්ධන මහතා නිට්ටඹුව නගරයේ දී ඉකුත් (09දා) දින වෙඩි වැදී මිය යාමේ සිද්ධියට සම්බන්ධ තවත් ප්රධාන සැකකරුවෙක් අද (20දා) නිට්ටඹුව ප්රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු නිට්ටඹුව ප්රදේශයේ පදිංචි (29) හැවිරිදි බස් රථ රියදුරෙකු වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.