ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ජූලි ජේ. චන්ග් මහත්මිය අද (20දා) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි ජේ. චන්ග් මහත්මිය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු වූ ප්‍රථම නිල හමුව ලෙස එම අවස්ථාව සනිටුහන්විය.
ඒඅනුව, මෙම හමුවේදී නාවික හමුදාපති සහ ඇමෙරිකානු තානාපති ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත විය
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශක, ලුතිනන් කර්නල් ට්‍රැවිස් කොෂ් සහ නාවික උපදේශක ලුතිනන් කොමාණ්ඩර් රිචඩ් ලිස්ටර් යන නිලධාරින් සහභාගී වූහ.