saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5829 hours ago

LATEST

පෞද්ගලික සේවකයන්ට රු 5000 දෙන්න ජනපතිට මැදිහත්වෙන්න කියයි

calendar_today 2022 පෙබ 01 - 19:14 remove_red_eye - 382  

රාජ්‍ය සේවකයන්ට ලබාදෙන රුපියල් 5,000ක දීමනාවට සාපේක්‍ෂව පෞද්ගලික අංශ සේවකයාටත් රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන ලෙස අද (01දා) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටි බව අන්තර් සමාගම් සේවක සංගමය සඳහන් කරයි.

ඇමෙරිකාව තුළ ගිනිඅවි භාවිතයේ පවතින නිදහස සමග මෙවැනි විවෘත වෙඩි තැබීම් බොහෝ අවස්ථාවල වාර්තා වන අතර, මෙම නීති වෙනස්විය යුතු බවට විවිධ තර්ක විතර්ක කාලයක් පුරා ඇවිලෙමින් පවතී.

Read More

මොරටුව පිටකොටුව,පානදුර පිටකොටුව ඇතුළු බස්නාහිර පළාතේ ධාවනය වන කෙටිදුර බස් රථ වල සේවය කරන ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරු හෙරොයින්,අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිතා කර බස් රථ සේවයේ නිරත වන බවට බස් සංගම් වලින් දිගින් දිගටමම පැමිණිලි ලැබී ඇති බවත් ඒ පිළිබඳව වැටලීම් ඉදිරියේ දී කිරීමට බලා බලාපොරොත්තු වන බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ.ඩබ්ලිව් සංජීව මහතා අද (01දා)පැවසීය.

Read More

කලු කඩ ඩොලර් උපයෝගී කරගෙන උතුරු කොරියාවේ ආයුධ මිලදී ගත් බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කරනු ලැබුවේ යැයි පළවන වාර්තා අසත්‍ය බව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍යාංශය නිවෙදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

රුපියල් 4000ක පැමිණීමේ දීමනාව එකවරම කපා දැමීමට විරෝධය පළ කරමින් සහ රජයේ සේවකයන් හට වැඩි කළ රුපියල් 5000 තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා අනුරාධපුර පණ්ඩුලගම ප්‍රදේශයේ පිහිටි ඇඟලූම් කම්හලක සේවක සේවිකාවෝ පිරිසක් අද (01දා) තම විරෝධය පල කර සේවයෙන් පිටව ගියහ.

Read More

මෙවර 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලගේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට එක්ව තිබේ.

Read More

කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වරකාපොළ තුල්හිරිය ඇගළුම් කර්මාන්තපුරය ආසන්නයේ දී අද(01දා) බස් රථයක් ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනෙක් මිය ගොස් සිව් දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වරකාපොළ පොලිසිය පවසයි.

Read More

අනුරාධපුර පුත්තලම ඒ 12 මාර්ගයේ පණ්ඩුලගම ප්‍රදේශයේ දී අද (01දා) සිදු වූ රිය අනතුරකින් සිල් මාතාවක් අපවත් වෙයි. තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

Read More

කේතුමතී රෝහලේ ගිලන් රථ රියදුරුට වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් අතරින් දෙදෙනෙකුගේ තොරතුරු මේ වන විට පොලීසිය අණාවරණය කරගෙන තිබේ.

Read More

මුදල් , රන්මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව කියන හිටපු යුද හමුදා සෙබළුන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු ටී56 ජීව පතුරොම්, ගිනිඅවියක්, අත්බෝම්බයක්, සොරකම් කරන ලද රන්මාල ඇතුළු උපකරණ සමඟ අඟුණකොළපැලැස්ස පොලිසිය විසින් අද(01දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කුමන ගැටලු තිබුණත් ජනතාව අදුරේ තියන්න අපි සූදානම් නැහැ. කව්රු මොනවා කිව්වත්, මම වගකීමෙන් කියන්න කැමතියි, අපි කිසිම ආකාරයක විදුලි කප්පාදුවකට යන්න සූදානමක් නැහැ

Read More

මාධ්‍යවේදීන්ට සිදු වූ ඝාතනයන්, පහරදීම්, පැහැරගැනීම්, බියවැද්දීම් සහ තර්ජනය කිරීම් ආදියට විධමත් පරික්ෂනයන් ඉල්ලා ’’කලු ජනවාරිය’’ නමින් විරෝධතාවක් ඊයේ (31දා) යාපනයේදී සංවිධානය කර තිබුණි.

Read More

කඩුවෙල පහල බෝමිරිය අතුරුගිරිය මාර්ගයේ වෙලේකඩේ හංදිය ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් අද (1දා) සොයාගත් බව නවගමුව පොලිසිය පවසයි.

Read More

නොරච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළිත් අක්‍රීය වී ඇති බව වාර්තා වෙයි. මේ අනුව ජාතික විදුලි බල පද්ධතියට එයින් එක්වන මෙගා වොට් 270ක ධාරිතාවක් අහිමි වී ගොස් තිබේ.

Read More

මෙම වසරේ පළමු මාසය තුළ සංචාරකයින් 82,327 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ජනවාරි 01 වෙනිදා සිට 31 වෙනිදා දක්වා කාලය තුළ දෛනිකව 2000 – 3000 ත් අතර සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ. වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ජනවාරි මස 05 වෙනිදායි. එදින පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 3,371 කි.

Read More

(UPDATE) ගාල්ලේ, බූස්ස වැල්ලබඩ දී ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් ත්‍රී රෝද රථයේ ගමන් එකම පවුලේ සිවු දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

Read More

හොරණ කොළඹ මාර්ගයේ කුඹුක හන්දියේදී අද(01දා) පෙරවරුවේ ඇඟලුම් කර්මාන්තශාලා සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් ටිපර් රථ රියදුරු ඇතුළු 13 දෙනකු තුවාල ලබා ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි.

Read More

ඉන්දීය තෙල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක නැව් තොගයක් මිලදී ගැනීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

Read More

රසායනික පොහොර නොමැතිවීමත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ මල් වගාකරුවන් දහස් ගණනකගේ ජීවනෝපායන් සියල්ල නැවති තිබෙන බව වගාකරුවන් පවසති. මල් වැඩි වශයෙන් වගා කරන බණ්ඩාරවෙල,හපුතලේ,වැලිමඩ ප්‍රදේශවල වගා කර තිබෙන මල් සදහා රසායනික බෙහෙත් පොහොර නොමැතිවීමත් සමග වගා කර තිබෙන මල් වගාවන් සියල්ල විනාශවෙමින් තිබේ.

Read More

උසස්පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළදී ප්‍රාථමික ශ්‍රේණි හැර සෙසු ශ්‍රේණි සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

Read More

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බෙරතෙල් බැරල් 450,000ක් සයිප්‍රස් සමාගමකින් ණය පදනම මත ලබාගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

කළගෙඩිහේන පැවැති හමුවකට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එල්ල වූ මැර ප්‍රහාරය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

2015 ජනපතිවරණ සමයේදී දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිත කරමින් ලිත් බෙදා හැරීමට කටයුතු කළ බවට චෝදනා කරමින් වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කර තිබේ.

Read More

විදුලි මෝටර් රථයක හෝ ජංගම දුරකථනයක බැටරි තාක්ෂණයට සමාන බැටරි තාක්ෂණයක් සහිතව නිර්මාණය කර ඇති මෙම ගුවන් යානය විනාඩි 30ක ආරෝපණයකින් පැය කාලයක් ගමන් කිරීමට හැකියාව තිබේ.

Read More

බම්බලපිටිය සුපිරි නිවාස සංකීර්ණයක මහල් හතකින් යුත් ගොඩනැගිල්ලකින් අභිරහස් ලෙස ඇද වැටී මියගිය 15 හැවිරිදි පිරිමි දරුවාගේ ශරීරයෙහි මෙත් ඇම්ප්ටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ශරීරගතවී ඇති බවට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ පැවැති මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇති බව බම්බලපිටිය පොලිසිය කියයි.

Read More

ටෘඩෝගේ පාසල් වයසේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුද වෛරසයට ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව අගමැතිවරයා සඳහන්කළේය.

Read More

ආහාර කාණ්ඩයේ උද්ධමනය 25%ක් දක්වාත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 9.2%ක් දක්වාත් ඉහළට

Read More

ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු (SLEME) රෙජිමේන්තුව විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම වෙඩි නොවදින සැහැල්ලු සන්නාහ සන්නද්ධ රථය Mine Resistance Ambush Protected Vehicle (Unicob- MRAPV) ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් අද (31දා) ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයථානයේදී පරීක්ෂාවට ලක් කරනු ලැබීය.

Read More

ෂෙන්ෂෝ-13 කාර්ය මණ්ඩලය චීන නව අවුරුදු උත්සව සම්ප්‍රදායන් අභ්‍යවකාශයේ පවා ජීවමානව තබා ගැනීමට තීරණය කර තිබූ අතර, අවුරුදු රාත්‍රිය භුක්ති විඳීමට සූදානම්ව සිටියහ.

Read More

රත්මලාන වැටකෙයියාවත්ත වෙරළතීරයේ අභිරහස් ලෙස මියගොස් තිබූ නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද (31දා) හමුවී ඇතැයි ගල්කිස්ස මූලස්‌ථාන පොලීසිය පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.