පොදු ප්‍රවාහන ක්ෂේත්රයේ උද්ගතව ඇති ගැටළුවලටදිය හැකි විසඳුම් පිළිබඳව විද්වත් වෘත්තිකයන්ගේ යෝජනා ලබා ගන්නා බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමල් ගුණරත්න ඇතුළු ප්‍රවාහන ක්ෂේත්රයේ විද්වතුන්, ආචාර්ය, මහාචාර්ය වරුන් සමග ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති වැඩමුළුවේදීය.
විද්වතුන් ඉදිරිපත් කළ අදහස් හා යෝජනා වලින් කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි යෝජනා ඉදිරි සති දෙක ඇතුළත දී ක්‍රියාත්මක කරන බවඅමාත්යවරයාපැවසීය.
ඒ අනුව දැනට ධාවනය වන දුම්රිය ගමන්වාරවලට අමතරව ඉදිරි සති දෙක ඇතුළත දී අමතර දුම්රිය ගමන්වාර 50ක් එක් කිරීමටත්, දිගුකාලීන යෝජනා පිළිබඳව නැවත වරක් ප්‍රවාහන ක්ෂේත්රයට සම්බන්ධ නිළධාරීන් සහ අනෙකුත් පාර්ශව සමග සාකච්ඡා කර ඉදිරි සැළසුම් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් ගුණවර්ධන මහතා කීය.