21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සියලු පාර්ශ්ව සහාය දිය යුතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය ට්විටර් ගිණුමෙන් පැවැසීය. මහජන විශ්වාසය ප්‍රතිෂ්ඨාපනය කිරීමට හා ආර්ථික ප්‍රකෘතිය නැංවීම වෙනුවෙන් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය බව ඔහු පවසයි.
තනි පුද්ගල සහ දේශපාලන අවශ්‍යතා පෙරදැරි කරගෙන කරනු ලැබූ ව්‍යවස්ථා සංශෝධන ශ්‍රී ලංකවේ ප්‍රගතිය පසුපයට ගිය බවත් ඔහු පවසයි. යෝජිත සංශෝධනය එම අතීතයේ අඩුපාඩු මඟහරවා ගැනීමට හොඳ ආරම්භයක් බවත් මහජන විශ්වාසය ප්‍රතිෂ්ඨාපනය කිරීමට සහ ආර්ථික ප්‍රකෘතිය නංවාලීමට එය ඉවහල්වන බවත් ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පවසයි.