ගෑස් මෙට්රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් හෙට (30දා) දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසයි.
ඒ අනුව එම ගෑස් තොගය ගොඩ බෑමෙන් පසුව අනිද්දා (01දා) සිට බෙදා හැරීමට නියමිතය. මේ අනුව අද දිනයේදී හො හෙට දිනයේදීත් පෝලිම්වල රැදී නොසිටින ලෙස සමාගම ජනතාවට දන්වා සිටියි.