ඉකුත් සතියේ රු 300 මිලකට අලෙවි වු රතු සීනි කිලෝවක් රු 320 කටත් , රු 300 ක මිලකට අලෙවි වු සුදු සිනි කිලෝවක් රු 330 මිලකටත් මේ වන විට අලෙවි වෙමින් පවති.
මෙයට සමගාමිව සතොස ශාඛා වල ඉකුත් සතියේ සිනි කිලෝවක් රු170 මිලකට අලෙවි කල අතර , සතොස ශාඛාවේද සිනි මිල රු 7 කින් ඉහල දැමුවත්, සතොස ශාඛා වල මේ වන විට සිනි මිල දි ගැනිමට නොමැති බව පාරිභෝගිකයන් පවසයි.
සීනි මිල ඉහල යාමට සමගාමිව ආපනශාලා සහ බේකරි වල සීනි ආශ්රිත නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය, තේ සහ කෙටි කෑම කිහිපයක මිල ඉහළ දැමිමට සිදු වන බව හැටන් ප්‍රදේශයේ ආපනශාලා හිමියන් සහ බේකරි හිමියන් කියා සිටියි.