අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය සති දෙකකින් සම්පූර්ණ කරනවා
ඉන්ධන අර්බුදය හමුවේ දිවයින පුරා අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා සතොසට නව ඉන්ධන පිරවුම්හලක් ලබාදීම අද (29) වනදා වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.
කොළඹ ඩී.ආර්.විජයවර්ධන මාවතෙහි පිහිටි ස.තො.ස ප්‍රවාහන අංශ පරිශ්‍රයේ නව ඉන්ධනපිරවුම්හල විවෘත කෙරිණි.
“පසුගිය මාස කිහිපයක් ඉතාමත් දුෂ්කර කාලයක අපි මුහුණ දුන්නා. විශේෂයෙන්ම භාණ්ඩ ලංකා සතොස ආයතනවලට සපයන්න යද්දි අපිට ඉන්ධන ප්‍රශ්න නිසා හරි ආකාරව අපේ සැපයුම් පවත්වා ගන්න බැරිවුණා. ඒ නිසා අපි තීන්දු කරා පරක්කුවෙලා වුණත් මේ පිරවුම්හල තිබෙන නිසා දැන් අපිට ඉක්මනින් ඒ ප්‍රධාන තොග ගබඩාවල ඉදලා ශාඛා සඳහා කාර්යක්ෂමව සැපයුම් සපයා දෙන්න පුළුවන් වෙයි කියලා.
ඉතින් ඇත්තවශයෙන්ම පළමුවෙන්ම අපි දන්නවා පසුගිය මාස කිහිපයක් භාණ්ඩ ප්‍රමාණයට රටට දෙන එක අඩුවෙලා ඉන්ධන ප්රශ්නය එක්ක ආහාර ප්‍රමාණය අඩුවන තත්ත්වයකට මුහුණ දුන්නා. නමුත් දැන් අපි සියලු දෙනා එක්ක සාකච්ඡා කරලා ආනයනකරුවෝ ඒ වගේම තොග රැදවුම් තබාගන්නා සියලු දෙනා එක්ක සාකච්ඡා කරලා නැවත අඩුපාඩුවකින් තොරව අත්‍යවශ්‍ය සේවා බෙදා හරින වැඩපිළිවෙල අපි ආරම්භ කරා.
දැන් අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් කිසිම බියක් ඇති කරගතයුතු නැහැ. අපි ඒ සම්බන්ධව ඉදිරියේදි සියලු සැලසුම් කටයුතු කරලා ඒ අවශ්‍ය කරන බඩු භාණ්ඩ ජනතාව අතට පත් කරන්න කටයුතු යොදලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ සතොස ආයතනයේ සහ ලංකා සතොස ආයතනය මේ රටේ ජනතාවට ලබාදුන්න ඒ සේවය පසුගිය කාල විශේෂයෙන්ම වසංගත අවස්ථාවෙත් ඊට පසුවත් අපේ මේ ඉන්ධන ප්රශ්නය වෙලාවෙත් ඒ මොන ප්රශ්නය තිබ්බත් පුළුවන් තරම් සාර්ථකව ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන ගියා.
නමුත් අපි දැන් ඒ තත්ත්වයටත් එහා ගිහිල්ලා සුපිරි වෙළෙඳසල් එක්ක තරඟ කරලා රටේ ජනතාවට අවම මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදෙන වැඩපිළිවෙල අපි නැවත ආරම්භ කරන්න ඕනේ. ඉදිරි සතියක් දෙකක් ඇතුළත සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ රට පුරා තිබෙන්නත් ඒ වගේම සතොස ආයතනය හරහා ඒ භාණ්ඩ නැවත ජනතාවට ලබා දෙන්නත් කටයුතු කරනවා.”
popular news
-
LGPJ Sunday, 29 May 2022 03:42 PM
Result will be nil .!!!
Reply : 0 0
LGPJ Sunday, 29 May 2022 06:00 PM
So called deficit will be further developed after 2 weeks also .!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

