පසුගිය මැයි 09දා කොළඹ ගාලුමුවදොර ප්‍ර දේශයේ සිදුවූ පහරදීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 16ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
එසේම මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12කුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එයින් මන්ත්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මිට සමගාමීව එදින දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩතා සම්බන්ධයෙන් පුද්ගලයන් 2072ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.
එයින් පුද්ගලයන් 900කට අධික පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.