ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වතාවට රොබෝවරු දෙදෙනෙක් දිය යට ඔලිම්පික් ගිණිසිළුවක් හුවමාරු කිරීම චීනයේදී සිදුවිය. හෙට (04දා) චීනයේදී ආරම්භවීමට නියමිත සීත සෘතු ඔලිම්පික් තරගාවලියට සමගාමීව චීනය මෙම අපූරු වැඩසටහන සංවිධානය කර තිබුණි.
අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කොට තරුණයෙකුට බරපතළ තුවාල සිදු කිරීම සිදු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහත නඩුව ලබන ජුනි 17 වනදා කැඳවීමට නියම කළේය.
Read MoreLTTE යැයි සැකපිට අත්අඩංගුවේ සිටින පුද්ගලයින් නිදහස් කළ යුතු බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ අවස්ථාවේදී ’’එය කලයුත්තක්’’ බව ජනාධිපතිවරයා පැවසූ බවත් එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති, බොදු බල සේනා නායක, රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මාධ්යභවේදියෙකු නැගූ ප්රනශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඊයේ (2) කොලොන්නාවේදී පැවසූහ.
Read Moreකුඩා හබල් යාත්‍රාවකින් මැලේසියාවේ සිට අප්‍රිකාව දක්වා ලොව වටා සංචාරයේ යෙදෙන ලිතිවියානු ජාතික මුහුදු සංචාරකයා ඊයේ (02දා) පස්වරුවේ ගාල්ල වරායෙන් දිවයිනට ලඟාවිය.
Read Moreමතභේදයට තුඩු දි ඇති රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදිමේ සිදුවීමට අදාළව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read More(UPDATE) රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත් අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු රාගම පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 07 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreපවතින කෝවිඩ් තත්ත්වය හමුවේ අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව ලබන සදුදා (07දා) පස්වරුවේ රැස්වීමට නියමිතය.
Read Moreජාතික නිදහස් දින උත්සවයට එක් නොවීමටත්, නිදහස් දිනය වෙනුවෙන් කාදිනල් හිමිපාණන් පවත්වන දිව්‍ය පූජාව නොපැවැත්වීමටත් උන්වහන්සේ තීරණය කර ඇති බව ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවැසූහ.
Read Moreඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පන්දු යැවීමේ උපදේශකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ හිටපු එක්දින නායකයෙක් මෙන්ම සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.
Read Moreප්‍රකාශය මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ මගේ අවුරුදු දෙක ඇතුළත. Fact check විදේශ ණය පිළිබඳව ජනපති රාජපක්ෂ කරන ප්‍රකාශය සදොස්ය
Read Moreමොරටුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීම හා නිම කිරීම සඳහා, ඉතා සහනදායී ණයක් ලෙස රුපියල් මිලියන 6000ක් ශ්‍රී ලංකාවට ලබාදීමට,කුවේට් අරමුදල එකඟත්වය පළ කර තිබේ. ඒ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ඊයේ (02දා) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදීය.
Read More(LONG READS) පසුගිය වර්ෂයේ අගෝස්තු මස පවත්වන්නට යෙදුණු නමුත්, කෝවිඩ් වසංගතයේ බලපෑම මත කල් ගිය අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සතියේ සඳුදා (07) ආරම්භ වීමට නියමිතයි. මේ ඒ සඳහා මුහුණ දෙන දරුවන් හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ අවධානය යොමු විය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පසුගියදා පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඉදිරිපත් වූ අයුරුයි.
Read Moreකහතුඩුව පොල්ගස්ඕවිට ඒ ටි එම් කුටියක අමතකව දමා ගිය බැංකු කාඩ් පතක් සොරාගෙන රන් භාණ්ඩ මෙන්ම ආහාර ද්‍රව්‍ය මිලදී ගත් තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පැවසීය. ඔවුන් දෙදෙනාම මීට දින කිහිපයකට ඉහත දී පොලිස් කොස්තාපල් තනතුර සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කළ පුද්ගලයන් බව විමර්ශනවලදී හෙළිවී ඇත.
Read Moreමන්ත්‍රී වැටුපක් ලැබුට මම රට වෙනුවෙන් සමාජ ව්‍යාපාරයක් හදනවා. මට මාසෙට කෝටි 10ක් තිබණත් මදි.
Read Moreබෙන්තොට ගාලුපාරේ පැරණි ප්‍රාදේශීය සභා කාර්යාලය ආසන්නයේදී අද(3දා) ත්‍රීරෝද රථයක් මෝටර් රථයක් ගැටී සිදුවූ අනතුරෙන් ත්‍රීරෝද රථයට බරපතල හානි සිදුවී එහි ගමන් ගත් රියදුරු ඇතුළු දෙදෙනෙකු බරපතල තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට සහ බෙන්තර රෝහලට ඇතුළත් කර ඇතැයි බෙන්තොට පොලීසිය පවසයි.
Read Moreපරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කොවිඩ් ආසාදනය වි තිබේ. මේ අනුව පාර්ලිමේන්තුවේ කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරු සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා නම්කළ සංචිතයට ඇතුළත්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නටද ’කෝවිඩ්-19’ වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔහුට මෙම තරග සංචාරය අහිමිවනු ඇත.
Read Moreමුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ට්විටර් ගිණුමෙන් පැහැදිලි කිරීමක් කර තිබේ.
Read Moreමධ්‍යම කඳුකරයේ පවතින වැසි රහිත අධික වියලි කාලගුණය හේතුවෙන් මහවැලි ගඟ පතුලටම සිඳි ඇති අයුරු තැන්නේකුඹුර පාලම අසලින් දිස් වන අයුරුයි මේ.
Read Moreතරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ. අද අලුයම ඔවුන් ඔස්ට්‍රේලියා බලා පිටත්ව ගියේය.
Read Moreරාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට පහරදීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට ධුරයෙන් ඉවත් වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණීමට ඉඩ ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියයි.
Read More’’අපි නිගමනය කරන්නේ ඔමික්‍රෝන් BA.2 උප ප්‍රභේදයට සහජයෙන්ම BA.1 ප්‍රභේදයටට වඩා සැලකිය යුතු ලෙස සම්ප්‍රේෂණය කළ හැකි බවයි. එය ආසාදනයට එරෙහිව එන්නත් කිරීමේ ආරක්ෂිත බලපෑම තවදුරටත් අඩු කරන අතරම, ප්‍රතිශක්තිකරණය මගහැරීමේ ගුණයෙන් යුතුයි’’ ඩෙන්මාර්ක අධ්‍යයනයේ පර්යේෂකයෝ පැවසූහ.
Read Moreබඩු මිල අහස උසට යාමට ඉඩ හැර ජනතාවගේ ආර්ථික සමාජයීය නිදහස අහිමි කළ ආණ්ඩුව තිබෙන ඩොලර් ටිකත් නාස්ති කරමින් නිදහස් දිනය ’උජාරුවෙන්’ සැමරීමට සූදානම් වන බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
Read Moreඅගුලු දැමීමේදී මහජන රැස්වීම් තහනම් කෙරෙන අතර, පාසල්ද වසා දමනු ඇත. අත්‍යාවශ්‍ය සේවා සහ සමහර රාජ්‍ය සේවා පමණක් විවෘතව පවතී.
Read Moreරජය විසින් වී මිලදී ගැනීම ආරම්භ කර තිබෙන බවත්, මේ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 90කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 92කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 95කටත් මිලදී ගන්නා බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.
Read Moreයම් ආසාදනයක් අනාවරණය වූ වහාම ක්‍රියාත්මක වෙමින්, කඩිනමින් සම්ප්‍රේෂණයන් වැළැක්වීම මගින්ම සටන ජයගැනීමට උනන්දු වූ චීනය, මේ වනවිට ලෝකයේ බොහෝ රටවල් අසාර්ථක වී ඇති පසුබිමකත්, ඉහළම ආර්ථික වර්ධනයක් සහිතව ජයග්‍රාහී මාවතක ගමන් කරන්නේ එබැවින් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreඅනතුරුදායක ගෘහස්ථ එල් පී ගෑස් සිලින්ඩර අලෙවි කර කාන්තාවක් මිය යාමට සැලැස්වීම සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති වරයා ඇතුළු බලධාරීන්ට එරෙහිව සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට පොලිස්පති වරයා සහ නීතිපතිවරයාට නියෝග කරන්නයි ඉල්ලා මියගිය කාන්තාවගේ සැමියා සහ දරුවන් සිවුදෙනා අද(02දා) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය .
Read More’’ඔමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම සහ එහි තාවකාලික නමුත් සැලකිය යුතු බලපෑමක් හේතුවෙන් 2022 ආරම්භයේදී ශ්‍රම වෙළෙඳ පොළෙහි ප්‍රකෘතිය පියවරක් පසුපසට ගියා’’ යැයි ADP හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ නෙලා රිචඩ්සන් පවසා සිටියාය.
Read Moreඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලයතුළදී සිය වත්කම් හාආදායම්වලින් උපයාගත නොහැකි, අල්ලස් මගින්උcපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවෙකුව සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන ජුනි 17වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (02දා) නියම කළේය.
Read More