දේශපාලනඥයන්ගේ අවශ්‍යතා මත පොලීසිය තුළ සිදු කළ සියලු මාරු කිරීම් සහ පත් කිරීම් වහාම අහෝසි කොට සුදුසුකම් මත කුසලතා මත අදාල නිලධාරීන් පත්කොට වහාම පොලිස් දෙපාර්තුමේන්තුව ප්‍රතිසංවිධානය කරන ලෙස පොලිසිය භාර අමාත්‍යවරයාත් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් තමනුත් පොලිස්පතිවරයාට පැහැදිලි උපදෙස් දුන් බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා අද (29) පෙරවරුවේ මහනුවරට පැමිණතමන් ද සමිඳුන් වැඳ පුදාගෙන මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්ඒ බව අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය .
“අපේ රට මේ වන විට ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත්වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සමාජ අසහනයක්, තරුණ අසහනයක් මතුවී තිබෙනවා . ඒ සියල්ලටම මුල් වී තිබෙන්නේ අප රටේ මතු වී තිබෙන දේශපාලන අස්ථාවරත්වය යි . එය නිවැරදි කර ගැනීම සඳහා අප හට ගත හැකි ක්‍රියාමාර්ගය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ හිදගෙන විධායක ජනාධිපතිවරයා සතු අසීමිත බලය පාර්ලිමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන වලට පවරා ජනතාවගේ විශ්වාසය දිනා ගෙන පාරදෘශ්‍ය භාවයකින් යුතුව රජය පවත්වාගෙන යාමයි.
ඒ සඳහා ප්‍රථම පියවර වශයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාදී තිබුණ ස්වාධීන ආකාරයෙන් රාජ්‍ය ආයතන පවත්වාගෙන යමින් දූෂණය වංචාව අකාර්යක්ෂමතාවය නොමැතිවඑම ආයතන පවත්වාගෙන යාම සඳහා පියවර ගැනී . නමුත් 20 වැනි සංශෝධනය මගින්එය අවලංගු කර තනි පුද්ගලයකු මත බලය පැවරීමමතින් තමයි මේ ව්‍යසනය සිදු වී තිබෙන්නේ.
එසේම ද්විත්ව පුරවැසිභාවය තිබෙන පුද්ගලයකු පාර්ලිමේන්තුවට පත් වී පැමිණ මුදල් අමාත්‍යංශයත් භාර ගෙනරටේ ආර්ථිකය විනාශ කිරීමට විශාල වශයෙන් දායක වී තිබෙනවා . එය නිවැරදි කර ගැනීම සඳහා බලාපොරොත්තුවෙනුයි නව අගමැතිවරයෙකු යටතේ මා රජයට එකතු වූයේ .
මේ අවස්ථාවේදී විපක්ෂයට ප්‍රශ්න තිබේ නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුයි. දහ නමය ප්ලස් කියලා ඒ ගොල්ලන්අදහස් කරන්නේ 19න් එහා ගිය ක්‍රමයක් . ඔවුන්ට තිබෙන ප්රශ්නය ජනාධිපතිවරයාට අමාත්‍යාංශ දැරිමේ තිබෙන බලය අයින් කරන්න කියලයි . අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් වී තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය මතයි . එහි ප්‍රධාන වගන්තියක් වන්නේ විධායක ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතුයි කියන එකයි .
රටේ සේනාධිනායකයා විධායක ජනාධිපතියි . ඒ අනුව ජනාධිපතිවරයාගෙන් ආරක්ෂක අමාත්‍ය ධුරය ඉවත් කරනවා නම් ජනමත විචාරණයකට යාමට සිදුවෙනවා . මෙවැනි අවස්ථාක එවැනි දෙයකට යා හැකිද නොහැකිද යන්න ජනතාව අවබෝධ කරගෙන සිටිනවා . ඒ අනුව විපක්ෂයත් අවබෝධ කරගනි කියා අපි බලාපොරොත්තු වෙනවා .
පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225දෙනාම එක හා සමානයි . මහජන ඡන්දයෙන් ආවත් ජාතික ලැයිස්තුවෙන් ආවත් ඔවුන් මන්ත්‍රීවරුන් හැටියටයි ගණන් ගැනෙන්නේ . ආණ්ඩුවක් අසාර්ථක වන විට එම වගකීම භාරගත යුත්තේ විපක්ෂය සහ විපක්ෂ නායකවරයා. අපි මාසයක් සාකච්චා කළා ඉල්ලීම් කළා ජනාධිපතිවරයා වෙනම ඉල්ලීම් කළා ආණ්ඩුව භාරගන්න කියා . අගමැතිකම භාරගන්න කියා . මම යෝජනා කරා අපගේ 41 කණ්ඩායම සහ ප්‍රධාන විපක්ෂය එකතුවි රජයක් හදමු කියා . නමුත් එයත් ප්‍රතික්ෂේප කළා .
මම හැම ආණ්ඩුවකින් ම බැටකාලා තිබෙනවා . හැම රාජ්‍ය නායකයෙකු සමඟම ගැටී තිබෙනවා .මේ ජනාධිපතිවරයා සමග මා තරම්ගැටිච්ච කෙනෙක් මේ දේශපාලනයේ නැහැ .තරුණයන්ගේ ප්‍රධාන ඉල්ලීම ගෝඨාගෝකියන එකයි . ගෝඨා ගියානම් කවුද ජනාධිපති වෙන්නේ . පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබෙන්නේ පොහොට්ටුව ටයි . එහෙම වුනොත් වැඩි ඡන්දයෙන් බැසිල් ජනාධිපති විය හැකියි . එය හොඳයි ද කියා තරුණයන්ගෙන් අහන්න කැමතියි .
අපි 21 සම්මත කරගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගෙනරටේ ජනතාවගේ පූර්ණ ආරක්ෂාව සහිත නව ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතුයි ජනතාවගේ අදහස් වලටත් වලටත් ගරු කරමින් . අපි 21 ගෙන ඒමට කිසිසේත් කල් මරන්නේ නැහැ.”
