බණ්ඩාරගම අටුළුගම අයේශා දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිබෙන සාක්ෂි රැසක් විනාශ වී ඇතැයි විමර්ශන කටයුතු සිදු කරන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මළ සිරුර තිබූ මඩ ගොහොරුවේ විවිධ පුද්ගලයන්ගේ පාවහන් සියයකට අධික සංඛ්‍යාවක් තැන තැන විසිරි තිබෙන බවත් එම නිලධාරියා කීය.
මළ සිරුර දැකීමත් සමගම ලදු කැලෑව සුද්ධ පවිත්‍ර කරමින් සිටි පිරිස හා එම ආරංචිය සැල වී පැමිණි විශාල ගම්වාසීන් පිරිසක් ලදු කැලෑව තුළට විවිධ ස්ථානයන් තුළින් ඇතුළු වී මළ සිරුර දැකබලාගැනීමට පැමිණීම හේතුවෙන් දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරු හෝ කීපදෙනා අත්අඩංගුවට ගැනීමට තිබෙන පහසුම අවස්ථාවන් මගහැරී ඇති බව එම නිලධාරියා කීය.
මේ හේතුවෙන් දැරියගේ මළ සිරුර සම්බන්ධයෙන් සිදු කෙරෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණ මත ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට සිදුව ඇතැයි එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ