රාජපක්ෂ පවුල සුරකීමේ නාමයෙන් සහ ඡන්දයෙන් විධායක ජනාධිපති විය නොහැකි පුද්ගලයන්ගේ ජනාධිපති සිහිනය සැබෑ කිරීමේ අරමුණින් 21වැනි සංශෝධනය දියාරු කිරීමේ කුමන්ත්රණයක වත්මන් රජය නියැළී සිටින බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (29දා) පැවති වැඩසටහනකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
"වර්තමානයේ බොහෝ තැන්වල කතා බහට ලක්වෙනවා 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ. 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ දේශපාලන ක්ෂේත්රයේ පරිවාර්ථනාත්මක වෙනසක් ලෙස පත් විය යුතුයි කියන ස්ථාවරයේ සිටින එකම දේශපාලන ගමන සමගි ජන බලවේගයත්, සමගි ජන සන්ධානයත් පමණයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ඒකාධිපති 20වැනි සංශෝධනය ඉවත් කර යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා 19වැනි සංශෝධනය බලාත්මක කිරීම, යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ප්රතිපාදනයන්, විනිවිධභාවයෙන් යුත් ආණ්ඩු කරණයකට කොමිෂන් සභා ඇතුළු සංවරණ හා තුළන සාක්ෂාත් කරන ස්වාධීන ආයතනයන් යන සියල්ල ඇතුළු 21වැන් සංශෝධනය අපේ පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කළා.
රාජපක්ෂ පවුල රැක ගන්නට, ජනාධිපතිවරයා රැකගන්නට මුක්කු ගහන කොට්ඨාසයක් උත්සාහ කරනවා අංග සම්පූර්ණය ඉදිරිපත් කළ 21වැනි සංශෝධනය දියාරු කරන්නට. දැන් අලුත්ම කාරණය තමයි අපි ඉදිරිපත් කළ සංශෝධනයට තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයක් ඕන කියන කරුණු කාරණා හුවා දන්වලා රාජපක්ෂවරුන් සනසන කොටස් කිහිපයක් පමණක් ඉදිරිපත් කරලා තමන්ගේ අනාගත ජනාධිපති සිහින, අගමැති සිහින, පුද්ගලික න්‍යය පත්‍ර තහවුරු කෙරෙන එක් එක් විධිවිධාන ක්‍රියාත්මක කරන්න අද මේ කුමන්ත්රණකාරී ආණ්ඩුව පිඹුරුපත් සකස් කරමින් සිටිනවා.
ඇයි මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාව රාජපක්ෂ පවුල සුරකීමේ නාමයෙන් දිය කරන්න හදන්නේ? මෙපමණ ඛේදවාචකයක් ඇති වෙලා තිබෙන වෙලාවක, අවුරුදු දෙකහමාරක කාලයේ රට බංකොලොත් කරලා රූකඩ ආණ්ඩුව හිතනවා ජනතාවට තිබෙන්නේ බංකොලොත් මොළයක් කියලා. එ
හෙම හිතාගෙන තමයි මේ වර්තමාන ආණ්ඩුව මේ දේශාපාලන සූදුව කරන්න හදන්නේ. ඇයි මේ දියාරු කිරීම? වෙන මොකවත් නිසා නෙවෙයි ඡන්දෙන් එන්න බැරි අයට විධායක ජනාධිපති වීමේ සිහින සැබෑ කරන කුමන්ත්‍රණයක් නිසා තමයි අද මේ 21වැනි සංශෝධනය දියාරු කරන්න අද මේ රජය කුමන්ත්රණකාරී ව්‍යාපෘතියක නියැළී සිටින්නේ" යනුවෙන් සඳහන් කළේය.