මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසීය.
කාසල්රි ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 155 ක් වන අතර , මේ වන විට එම ජලාශයේ ජල මට්ටම 113.57 දක්වාත් (73.27%) , මවුස්සාකැලේ ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 120 ක් වන අතර, එම ජලාශයේ මේ වන විට අඩි 43.29 දක්වා (36.8%) ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.
එම ජලාශ දෙකෙන්ම නිකුත් කරනු ලබන ජලයෙන් කාසල්රි, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, විමලසුරෙන්ද්‍ර, පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලිය උත්පාදනය කරන අතර, එම ජල විදුලි බලාගාර වලින් මෙගාවොල්ට් 350 ක විදුලි උත්පාදනයක් සිදු කල හැකි වුවද පවතින ජල මට්ටම අනුව මෙගාවොල්ට් 240 පමණ විදුලි උත්පාදනයක් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන් කියා සිටියි.


