ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල යළිත් වරක් ඉහළ ගොස් තිබේ. මේ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 1කින් එසේත් නොමැතිනම් ඩොලර් 1.18කින් ඉහළ ගොස් ඩොලර් 118.58ක් බවට පත්ව තිබේ.
වෙස්ට් ටෙක්සාස් අතරමැදි (WTI) බොරතෙල් බැරලයක මිල සියයට 0.3කින් එසේත් නොමැතිනම් ඩොලර් සත 39කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 114.48ක් බවට පත්ව තිබේ.