M-19 ගරිල්ලා සාමාජිකයෙක් කොලොම්බියා ජනපති වේවිද
කොලොම්බියානු වාමාංශික ගුස්ටාවෝ පෙට්රෝ එරට ජනාධිපතිවරණයේ පළමු වටයේදී ඉදිරියට පැමිණි අතර ජුනි 19දා දෙවැනි වටයේදී විස්මිත තරගකරුවෙකු වන ව්‍යාපාරික රොඩොල්ෆෝ හර්නාන්ඩස්ට මුහුණදීමට සූදානමින් සිටියි.
ගැඹුරු ආර්ථික හා සමාජ වෙනසක් රටට ලබාදෙන බවට පොරොන්දු වූ M-19 ගරිල්ලා ව්‍යාපාරයේ හිටපු සාමාජිකයෙකු වන පෙට්රෝ, 96.2%ක් ඡන්ද ගණන් කර තිබූ පසුබිමක 40.3%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබුණි. ඔහු සමග තරග වැදුණු බුකරමන්ගා හි හිටපු නගරාධිපති හර්නාන්ඩස් 28.1%ක් දිනා ගත්තේය.
බොගෝටා හි හිටපු නගරාධිපතිවරයෙකු වන 62-හැවිරිදි පෙට්රෝ, විශ්‍රාම වැටුප් යළි ලබාදීම, නොමිලේ පොදු විශ්වවිද්‍යාල පිහිටුවීම සහ ශතවර්ෂ ගණනාවක් පවතින බව කියන ගැඹුරු අසමානතාව වෙනස් කිරීමට පොරොන්දු දෙමින් මැතිවරණයට ඉදිරිපත් විය.
එමෙන්ම, කොලොම්බියාවේ විප්ලවීය සන්නද්ධ හමුදා (FARC) කැරලිකරුවන් සමග 2016 සාම ගිවිසුම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමටත්, තවමත් ක්‍රියාකාරී ජාතික විමුක්ති හමුදාවේ (ELN) කැරලිකරුවන් සමග සාම සාකච්ඡා කිරීමටත් පොරොන්දු වී ඇත. ඔහු තේරී පත් වුවහොත් කොලොම්බියාවේ පළමු වාමාංශික නායකයා බවට පත්වනු ඇත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

