saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5144 hours ago

LATEST

ගෝඨා - රනිල් යනකම් අපි යන්නෑ

calendar_today 2022 ජුලි 10 - 19:20 remove_red_eye - 989  

මේ වන විට ජනතාව විසින් අත්පත්කරගෙන ඇති කොළඹ ජනපති මන්දිරය, අරලිය ගහ මන්දිරය හා ජනපති ලේකම් කාර්යාලයේ රැදී සිටින ජනතාව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරවලින් ඉල්ලා අස්වෙන තෙක් ඉන් ඉවත් නොවන බව ගෝල්ෆේස් අරගලකරුවෝ කොළඹදි මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.

සමගි ජන බලවේගය තුළ සැලුම් දොරක් නොමැති බැවින් පක්ෂයෙන් ඉවත්ව ගිය කිසිවෙකු නැවත පක්ෂයට නොගන්නා බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල වන අවස්ථාවේදී කොළඹ පස්වන පටුමගේ විදුලිය විසන්ධි වී තිබීම පිළිබඳව මහජන උපයෝගීතා කොමිෂම විසින් විමර්ශනයක් ආරම්භ කිරීමට තිරණය කර තිබේ.

Read More

වත්මන් ජනපතිවරයාගේ සිට වැඩ බලන ජනපතිවරයා දක්වා බලය හුවමාරුව ඉතාමත් ඉක්මනින් සාමකාමීව සිදු කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවැසීය.

Read More

ශ්‍රි ලංකා චීන තනාපති කාර්යාලය සහ චීන රතු කුරුස සමාජය මගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි තොරාගත් පවුල් 2500 ක් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දිමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය ශ්‍රි ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) දින නුවරඑළිය සිනිසිටා නගර ශාලාවේදි පැවැත්විණ.

Read More

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින රටක විකල්ප අගමැති වන්නේ විපක්ෂනායක බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කලේ විපක්ෂනායකවරයාගේ නායකත්වයෙන් බලය බෙසාගෙන ආණ්ඩුවක් පිහිටුවා ජනතාවගේ ගැටලු විසඳීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Read More

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සිය අමාත්‍යධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ධම්මික පෙරේරා මහතා අමාත්‍යධුරයේ කටයුතු කරනු ලැබුවේ සති දෙකකට ආසන්න කාලයක් පමණි.

Read More

මේ මොහොතේ ජනතාව ඉල්ලා සිටින සර්වපාක්ෂික අන්තර්වාර ආණ්ඩුවට ඉඩ ලබා දීම මහජන නියෝජිතයන්යගේ වගකීම විය යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

’’අපි මෙම රජයෙන් හෝ ඕනෑම නව, ව්‍යවස්ථාපිතව තෝරාගත් රජයකින් ඉල්ලා සිටින්නේ දිගු කාලීන ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගැනීමට සහ විදුලිය, ආහාර සහ ඉන්ධන හිඟය ඇතුළු නරක අතට හැරෙන ආර්ථික තත්ත්වයන් පිළිබඳව ශ්‍රී ලාංකීය ජනතාවගේ අතෘප්තියට විසඳුම් සෙවීමට සහ ක්‍රියාත්මක කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙසයි.’’

Read More

පළමු නෞකාව අද (10) පස්වරු 3ට කෙරවලපිටියට පැමිණීමෙන් පසු ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීම කඩිනමින් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට ලබාදීම සම්බන්ධනේ වන ණය පැකේජය පිළිබඳව සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ඉඩ සලසමින් ශ්‍රී ලංකාවේ දේශපාලන කැලඹීම සඳහා විසඳුමක් බලාපොරොත්තු වන එම සංවිධානය පවසයි.

Read More

ඇමෙරිකාව චීනයේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කළ යුතු අතර, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නැවැත්විය යුතුයි.

Read More

ජනපති මන්දිරයට ඊයේ (9දා) ඇතුළු වූ විරෝධතාකරුවන් එහි තිබී රුපියල් කෝටියකට අධික මුදලක් සොයාගෙන තිබේ. එම මුදල් ඔවුන් විසින් ආරක්ෂිතව පොලීසියට භාර දීමට කටයුතු කර තිබේ.

Read More

එක්සත් ජනපද අණ්ඩුව, යුක්රේනයේ සන්නද්ධ ගැටුම හැකිතාක් දුරට දිග්ගැස්සීමට ඉලක්ක කර ඇති අතර, වොෂිංටනය කියෙව් පාලනය වෙත් තවත් HIMARS ඒකක හතරක් ලබා දෙන්නේ මේ සඳහා බව වොෂිංටනයේ රුසියානු තානාපති කාර්යාලය පවසයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. අත්අඩංගුවට පත් වූවන් අතර වයස අවුරුදු 19 ක ගල්කිස්ස පදිංචිකරුවෙක් එමෙන්ම වයස අවුරුදු 24 හා 28 පසුවන ගාල්ල පදිංචිකරුවන් දෙදෙනකු වන බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

Read More

සැකකරු විශ්වාස කළේ හිටපු අගමැතිවරයා කිසියම් ආගමික කණ්ඩායමක අවශ්‍යතා ප්‍රවර්ධනය කරන බවය .

Read More

ආණ්ඩුවට විරෝධය දක්වමින් ඊයේ පැවැති විරෝධතා අතරතුළ ඇතිවූ සිදුවීම් හේතුවෙන් පුද්ගලයන් 103ක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මෙයින් තවමත් පුද්ගලයන් 55ක් නේවාසිකව ප්‍රතිකාර ලබයි. තුවාල ලැබූවන් අතර මාධ්‍යවේදීන් 11 ක් හා ආරක්ෂක අංශ සාමාජිකයන් 05ක්ද වෙයි.

Read More

චීනය ඉතා අඩු වියදමකින්, එක්සත් ජනපදයට වඩා පස් ගුණයක් වේගයෙන් ආයුධ ලබා ගන්නා බවට පෙන්ටනගයේ ඉහළ නිලධාරියෙක් අනතුරු අඟවා තිබේ.

Read More

රටේ ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවරණ සාමකාමීව සහ ව්‍යවස්ථානුකුලව නිරාකරණය කරගැනීම සඳහා අවස්ථාවක් උදාවී ඇති බවත් රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ආදරණිය ශ්‍රී ලංකා වාසි ජනතාවගේ සහයෝගය ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය වෙත ලබාදෙන ලෙසත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

එක්සත් ජනපදයේ, ඔක්ලහෝමා ප්‍රාන්තයේ මෙඩ්ෆෝර්ඩ් අසල ONEOK ගෑස් බලාගාරයක පිපිරීමකින් පසු ගින්නක් ඇති වූ බව විදෙස් වාර්තා පවසයි.

Read More

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවෙට ගෙන්වූ යූරියා මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාව ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් නිල වශයෙන් භාර ගැනීමෙන් අනතුරුව තමන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා හා සංචාරක හා ඉඩම් අමාතය හරීන් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධුර වලින් ඉල්ලා අස්විමට තීරණය කර තිබේ. සිය ටිවිටර් ගිණුමෙන් ඔවුන් ප්‍රකාශ කරන්නේ නව අන්තර්වාර රජයක් පත්කිරීම වෙනුවෙන් තමන් අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වෙන බවයි.

Read More

කොළඹ පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අයත් පෞරාණික භාණ්ඩ තිබූ නිවස විරෝධතාකරුවන්ට මුවා වී සිටි කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් ගිනි තැබිමට කටයුතු කළේය.

Read More

සාමකාමීව පවත්වාගෙන ගිය විරෝධතාව ප්‍රචණ්ඩත්වයට යොමුකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ගිනි තැබිමට ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව බොහෝ දෙනෙක් විරෝධය පළකරමින් සිටියි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 13 දා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

Read More

කොළඹ පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ‌වෙත විරෝධතාකරුවන් ඇතුල්වී තිබේ. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා එම නිවස තුළ සිට නොමැත.

Read More

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදි ගත් තීරණ පිළිබඳව කථානායකවරයා විසින් ලිඛිතව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා තිබේ.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාාගේ නිවස අසළ පැවැති විරෝධතාව වාර්තා කිරිමට ගිය සිරස රූපවාහිනීයේ මාධ්‍ය වේදීන්ට පහරදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Read More

තම පෞද්ගලික නිවස අසළ පැවැති විරෝධතාවය වාර්තා කරමින් සිටි මාධ්‍ය වේදීන් වෙත ආරක්ෂක අංශ සිදුකළ ප්‍රහරදිම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළා දැක තිබේ. ඔහු පවසන්නේ ආරක්ෂක අංශ මෙන්ම ජනතාවත් සාමකාමීව කටයතු කරන ලෙසයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට පැවැත්වූ විරෝධතා ආවරණය කිරිමට ගිය සිරස රූපවාහිනී නාළිකාවේ මාධ්‍යවේදින් සිවු දෙනෙකුට අමානුෂිකව පහරදී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.