මේ වන විට වර්ජනයක නිරතව සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, දත්ත වෛද්‍යවරුන්ගේ සංගමය හා තවත් වෘත්තීය සමිති කිහිපයක් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
අද පස්වරු 7.00ට මෙම සාකච්ඡාව ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත අතර එම සාකච්ඡාව පැවැත්වුවත් තවදුරටත් වර්ජනය ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.