පූජිත් හා හේමසිරි නිදොස් කොට නිදහස් කිරිමට එරෙහි පෙත්සම් විභාගයට
පාස්කු ප්‍රහාර නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති අභියාචනා විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13දා) දින නියම කළේය.
පාස්කු ඉරුදින ජාතික තවුහීද් ජමාත් සංවිධානය විසින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අභියාචනා පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට දින නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය , අභියාචනා විභාගය දින හතරක් තුළ අවසන් කරන බව අද නියෝග කළේය.
ඒ අනුව අදාළ අභියාචනා පෙත්සම් ජුලි මස 4, 5 , 11,12 යන දිනවල විභාගයට ගන්නා බවත් විනිසුරු මඩුල්ල නියෝග කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
