මුදල් හා අත්තිකාරම් ගෙවීම් කළ ඩීසල්, පෙට්‍රල් නැව් පැමිණෙන දින වකවානු පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර තිබේ.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරුන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) වෙත හෙට (12) පෙරවරු 10.00 ට කැඳවීමට නියමිතව තිබූ නමුත්, රටේ පවතින දේශපාලන තත්ත්වය හේතුකොටගෙන උක්ත රැස්වීම නොපැවැත්වීමට තීරණය කළ බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා පැවසීය.
Read Moreරුසියානු ආක්‍රමණයේ බලපෑම සෑම තැනකම ක්‍රියාත්මක වන බවත්, එය ශ්‍රී ලංකාවේ තත්ත්වයට හේතු වන්නට ඇති බවත්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසයි.
Read Moreපුස්සැල්ලැව පොලිස් වසමට අයත් ප්‍රෙට්රාසි වතුයායේ සිට පුස්සැල්ලාව නගරය දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක් අනතුරට පත්විමෙන් බස් රථයේ පාපුවරුවේ ගමන් ගත් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වි බස් රථයේ ගමන් ගත් තවත් 08 දෙනෙකු තුවාල ලබා පුස්සැල්ලාව රෝහල වෙත ඇතුලත් කර ඇති බව පුස්සැල්ලාව පොලිසිය පැවසිය.
Read Moreශ්‍රී ලංකාවේ තත්ත්වය වර්ධනය වීම පිළිබඳව චීනය සමීපව නිරීක්‍ෂණය කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්ග්බින් පවසයි.
Read Moreබදුල්ල අධිකරණයට ඉදිරිපත් කළ රැඳවියන් (සැකකරුවන්) කිහිපදෙනකු බදුල්ල නගරය හරහා බදුල්ල බන්ධනාගාරය වෙත පා ගමනින් රැගෙන යාම බන්ධනාගාර නිලධාරින් ව්සින් සිදුකෙරිණි.
Read Moreමෙය එරට වත්මන් අගමැති ෆුමියෝ කිෂිඩා විසින් ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසද ජපාන මාධ්‍ය විසින් හඳුන්වන ලදී.
Read Moreආගමන විගමනදෙපාර්තුමේන්තුවේ මහනුවර ශාඛා කාර්යාලය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන තරුණ තරුණියන්ට එක්දින හා සාමාන්‍ය සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර සකස් කර දෙන බව පවසමින් රුපියල් හය 6000 සිට 50,000 දක්වා මුදල් ලබාගත් බව කියන එම කාර්යාලයේ හිටපු සේවකයෙකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු එම තරුණ තරුණියන් විසින් අල්ලා මහනුවර මූලස්ථාන පොලිසියට භාරදී තිබේ .
Read Moreධවල මන්දිර නිලධාරීන් උපුටා දක්වමින් නිව්යෝක් ටයිම්ස් වාර්තා කරන්නේ මෙතෙක් පැරණිතම එක්සත් ජනපද නායකයා ජනාධිපති ධුරයේ සීමාවන් පරීක්ෂා කරමින් සිටින බවයි.
Read Moreජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් ශ්‍රී ලංකා රජය හෙට (12දා) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරු මුහුදු තීරයට ජාවාරම් කරුවන් විසින් ධීවර යාත්‍රා යොදාගනිමින් ඉන්ධන ප්‍රවාහනය කොට අධික මිල ගණන් වලට විකිණීමේ ජාවාරම් ක්‍රියාත්මක වී ඇති බවට උතුරේ ආරක්ෂක අංශ විසින් අනාවරනය කොට ගෙන ඇත.
Read Moreනැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් පළාතට රුසියාවෙන් එල්ල කරන ප්‍රහාර මාලාව දැඩි කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreරුපියල් මිලියන 33 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 113 ග්‍රෑම් 280 ක් මන්නාරම වැලිපර ප්‍රදේශයේ ඌරුමලෙයි මුහුදු වෙරල ප්‍රදේශයේ ගොඩගසා තිබියදී ඊයේ (10දා) සොයාගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreසර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එකඟතාවයකට පැමිණි පසු සියලු කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්විමට තිරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන්තවයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති කැබිනට් අමාත්‍යවරුන්ගේ හමුවකදී මේ බව තිරණය වී තිබේ.
Read More’’රට ස්ථාවර කිරීමේ රටේ ආර්ථිකය නැංවීමේ වැඩපිළිවෙළට නායකත්වය දීමේ වගකීමට නායකත්වය දෙනවා. අපි ජනපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත්කරනවා. මේක හැරෙන්නට වෙන විකල්ප විසඳුම් නෑ. මෙයට විරුද්ධ වෙන පාර්ලිමේන්තුව තුළ කවුරු හරි යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකරනවානම් ඒක අපි දකින්නේ දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙසයි. මාතෘ භූමිය රැකගන්න අපි සූදානම්. මාතෘ භූමියට නායකත්වය ලබාදෙන්න. රටේ ආර්ථිකය ගොඩනගන්න. මවුබිමට ජය වේවා!’’
Read Moreනීතිවිරෝධී අයුරින් අනාරක්ෂිතව බහුදින ධීවර යාත්‍රාවක් යොදාගනිමින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සහ ගත් පුද්ගලයින් 67 දෙනෙකු ඊයේ (10දා) නැගෙනහිර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලබන සියලු පණිවිඩ කථානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව කතානායකවරයා විසින් නිකුත් කරන බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreපසුගිය 9 වැනිදා අග්‍රාමාත්‍ය පෞද්ගලික නිවස අසළ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය වාර්තා කිරීමට ගිය සිරස රූපවාහිනී නාළිකාවේ මාධ්‍ය වේදීන් පහරදීමේ සිදුවීමට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකායට අනියුක්තව සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්.ඒ. ලියනගේ මහතාගේ වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.
Read Moreතිරිකුණාමලය අයි ඕ සී ඉන්ධන ගබඩාවේ සිට හපුතලේ තෙල් ගබඩාවට පැමිණි ඩීසල් ලීටර් 33000 රැගත් තෙල් බවුසරයක් අද (11දා)උදේ හපුතලේ පංකැටිය ප්‍රදේශයේ දී මාර්ගය හරහා පෙරළී ඇතැයි ද ඉන් වෑහෙන තෙල් ප්‍රදේශවාසීන් පොරබදිමින් ලබාගන්නා බවද පොලිසිය කියයි.
Read Moreරුපියල් කෝටි හතරකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෝටර් රථයක් තුළ සූක්ෂම සුක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් වත්තලදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
Read Moreඉන්ධන නැව් පිළිබඳව හා ඉදිරියේදි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත රාජ්‍ය තාත්ත්‍රිකයන් හා ජාත්‍යන්තර ආයතනවල නියෝජිතයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දිනයේදි විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවීමට නියමිත බව වාර්තා වෙයි. මෙම කැබිනට් රැස්වීම සඳහා ජනපතිවරයා වීඩියෝ තාක්ෂණය හරහා එක්වීමට නියමිත බවද වාර්තා වෙයි.
Read Moreමහරගම නගරයේ දී අරගලයට සහාය දැක් වූ පොලිස් සැරයන්වරයා අද (11දා) අළුයම තියුණු ආයුධයක් රැගෙන ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසීය.
Read Moreඅමාත්‍යවරුන් පස් දෙනෙක් සිය අමාත්‍යධුරවලින් ඉවත් වුවත් එම ඉල්ලා අස්විම් ජනපතිවරයා විසින් තවමත් පිළිගෙන නොමැති හෙයින් ඔවුන් තවදුරටත් අමාත්‍යධුරවල කටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි. ජනපතිවරයා සිටින තැනක් පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.
Read Moreලිට්‍රෝ සමාගම සිය ගෘහස්ත කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ. ඒ් අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4910ක් දක්වා ඉහළ යනු ඇත.
Read Moreතමන් මින් පෙර සඳහන් කළ පරදීම ජනපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිලවශයෙන් දන්වා ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරි තත්ත්වය විසඳිම වෙනුවෙන් රාජපක්ෂවරුන් ඉන්දීය හමුදා ඉල්ලා සිටියි නම් ඉන්දියාව විසින් සිය හමුදා ශ්‍රි ලංකාව වෙත පිටත් කර හැරිය යුතු බවට ඉන්දිය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් මෙන්ම ඉන්දියාවේ හිටපු අමාත්‍යවරයෙක්ද වන සුබ්‍රමනියම් ස්වාමි ඊයේ සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පැවැසීය.
Read Moreසර්වපාක්ෂික අන්තර්වාර පාලනයේ ජනාධිපතිධුරය හා අග්‍රාමාත්‍ය ධුරය සඳහා පාර්ශ්ව කිහිපයකින් නම් යෝජනා කර ඇති බව වාර්තා වෙයි. සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, ඩලස් අලහප්පෙරුම,පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම් ඒ අතර.
Read Moreවිරෝධතාකරුවන් ඉලක්ක කර ගනිමින් යුද හමුදාව වෙඩි ප්‍රහාර එල්ල කළ බවට දැක්වෙන වීඩියෝව පිළිබඳව යුද හමුදාව කරුණු පැහැදිලි කර තිබේ. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව ප්‍රකාශ කරන්නේ වළක්වාලීමේ උපක්‍රමයක් ලෙස අහසට මෙන්ම ජනාධිපති මන්දිරයට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුවේ පැති බැම්මට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කළ බවයි.
Read Moreජාතික ධජය සමග ලයිට් කණුවට නගිමින් අරගලය ජයග්‍රහණය කිරීමේ සතුටු ඊයේ (09දා) ප්‍රකාශ කළ පුද්ගලයාගේ මළසිරුර අද (10) අලව්ව කපුවරල දුම්රිය මාර්ගයේ තිබි හමුවී ඇත.
Read Moreපාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (11දා) පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය. එහිදී කඩිනමින් පාර්ලිමේන්තුව රැස්කිරීම සහ පවතින අර්බුදකාරී තත්ත්වයන්ට පාර්ලිමේන්තුව තුළින් ගනු ලබන තීරණ ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
Read More