saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 5148 hours ago

LATEST

කථානායකට ජනපතිධුරය උපරිම දින 30කට පමණයි - පක්ෂ නායක රැස්වීමේදි එකඟ වූ ප්‍රධාන කරුණු 4

calendar_today 2022 ජුලි 09 - 18:25 remove_red_eye - 1584  

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ජනපතිධුරය පිරිනමන්නේ උපරිම වශයෙන් දින 30ක කාලයකට පමණක් බවට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. මෙම පක්ෂ නායක රැස්වීමේදි මූලික කරුණු හතරක් පිළිබඳව පක්ෂ නායකයන් එකඟ වී තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

පවතින අර්බුදකාරී තත්ත්වය යටෙතේ් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිය ධුරවලින් ඉල්ලා අස්වෙන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදි තීරණය වී තිබේ.

Read More

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්විමේදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි. ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අදහස් ප්‍රකාශ වී ඇති අතර මූලික එකගතාවයක්ද පවතින බව සඳහන් වෙයි.

Read More

අග්‍රාමාත්‍ය නිල නිවස වන කොළඹ අරලිය ගහ මන්දිරයද විරෝධතාකරුවන් විසින් වටලා ඇති බව වාර්තා වෙයි. පිරිසක් එය තුළටද ගොස් ඇති බවත් වාර්තා වෙයි.

Read More

පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ රටක් ලෙස ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්චා කිරිම වෙනුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමෙන්තුවේ පක්ෂ නායක රැස්වීම ආරම්භ කළේය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවත් අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවන සාකච්ඡා සඳහා එක් නොවන බවත් විපක්ෂනායක සජිත් ‌ප්‍රේමදාස මහතා ‌නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

අද පස්වරුවේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී ගන්නා ඕනෑම තීරණයකට තමන් එකඟවන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇති බව වාර්තා වෙයි.

Read More

රට තුල උද්ගතව ඇති තත්ත්වය යටතේ අද පස්වරු 4.00ට පක්ෂ නායක රැස්විමක් කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කර තිබේ.

Read More

තත්ත්වය දරුණු විය හැකි බවට ආරක්ෂක අංශ අනතුරු ඇඟවීමෙන් අනතුරුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක පියවරක් ලෙස ඊයේ රාත්‍රියේදී ජනපති මන්දිරයේ සිට යුද හමුදා මූලස්ථානයට ගොස් ඇති බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් ජනපතිවරයා සිටින තැනක් මේ වන වන තෙක්ම තහවුරු වී නොමැත.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

Read More

උණ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා රෝහල් ගත වී ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් ඔහුගේ තත්වය බරපලත නොවන බවත් ‌එය සාමාන්‍ය වෛරස් උණ තත්ත්වයක් තොරතුරු වාර්තා වෙයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කටයුතු කර තිබේ. රටේ ඇතිව තිබෙන තත්ත්ව පිළිබඳව මෙන්ම ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබේ.

Read More

කොළඹ කොටුව අරලිය ගහ මන්දිරයත් අරගලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ. එහි ඇති පිහිනුම් තටාකයේ ජනතාව විනෝද වන අයුරු දැක්වෙන වීඩියෝවක්ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙයි.

Read More

කොළඹ ජනපති ලේකම් කාර්යාලය අරගලකරුවන් විසින් සිය ග්‍රහණයට ගත්තේය. විශාල ජනතාවක් එක්වරම ජනපති ලේකම් කාර්යාලය ඇතුළට කඩා වැදුණි. ආරක්ෂක අංශ සාමාජිකයන්ද කිසිවක් කර කියා ගත නොහැකිව සිටින අයුරු දක්නට ලැබුණි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් පවත්වන විරෝධතාව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එක්ව සිටින අයුරු දක්නට ලැබුණි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉවත් වන ලෙස සඳහන් කරමින් මහරගම සිට කොළඹ වෙත ගමන් කළ පාගමනකට නොසිතූ අවස්ථාවකදී පොලිස් නිලධාරියෙක් එක්විය.

Read More

ජනපති මන්දිරයට පිවිසෙන මාර්ගයට දස දහස් ගණන් ජනතාව එක්රැස්වී විරෝධතා දැක්වීම හේතුවෙන් චැතම් ස්ට්‍රිට් හි දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

Read More

කොළඹ චැතම් වීදියේ විරෝධය දක්වමින් සිටි විරෝධතාකරුවන් විසුරුවා හැරීම වෙනුවෙන් පොලීසිය ජල හා කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

අද (09දා) සංවිධානය කර ඇති දැවැන්ත විරෝධතා ව්‍යාපාරය සඳහා දහස් ගණනින් ජනතාව කෙමෙන් කෙමෙන් කොළඹ නගරය වෙත පැමිණෙමින් සිටියි.

Read More

ඇඳිරි නීතිය ඉවත් කිරිමත් සමග කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනය කිරීම ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් දුම්රිය කාලසටහනට අනුව දුම්රිය නොමැතිවීම හේතුවෙන් ඇතැම් දුම්රිය ස්ථාවල උණුසුම්කාරී තත්ත්වයන්ද සිදුව තිබේ.

Read More

විදේශගත ශ්‍රමිකයින් සදහා වන විශේෂිත විශ්‍රාම වැටුපක් හදුන්වා දෙන බවත්, ඉදිරි සති කිහිපය තුළ එම විශ්‍රම වැටුප් ක්‍රමය විදේශ ගත ශ්‍රමිකයින්ට හදුන්වා දෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

Read More

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7කට පැනවූ පොලිස් ඇඳිරි නිතිය අද පෙරවරු 8.00ට ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි. ඊයේ රාත්‍රී 9.00 සිට මීගමවු, කැළණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර, මධ්‍යම හා දකුණ) යන පොලිස් කොට්ඨාස වෙත නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට පොලිස්පතිවරයා කටයුතු කළේය.

Read More

පොලිස්පතිවරයාට ඇඳිරි නීතිය පැනවීමට බලයක් නොමැති බවත් ඔහු ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

සන්තකයේ පවතින විදේශ ව්‍යවහාර මුදල් බලයලත් වෙළෙන්දෙකු (බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුව) වෙත තැන්පත් කිරීම හෝ විකිණීම සඳහා ප්‍රදානය කරන ලද පොදු සමාකාලය දින 14කට දීර්ඝ කරයි.

Read More

එලොන් මස්ක් ට්විටර් මිලදී ගැනීම සඳහා තැබූ ඇ.ඩො.බිලියන 44ක ගනුදෙනුවෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව විදෙස් වාර්තා පවසයි.

Read More

හෙට දිනයේදී විරෝධතා සංවිධානය කර ඇති බවට බුද්ධි අංශ විසින් තහවුරු කර ඇති බවත් මෙම විරෝධතා සාමකාමීව පවත්වන ලෙස ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය.

Read More

වසර තුනකටත් අඩු කාලයකින් ඔහු ධුරයෙන් නික්ම යන්නේ 2019 මහ මැතිවරණයෙන් අතිවිශාල බහුතරයක් දිනා තිබියදී වීමද විශේෂත්වයකි.

Read More

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 කට අද රාත්‍රී 9.30 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.මේ අනුව මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර), කොළඹ (දකුණ) සහ කොළඹ (මධ්‍යම) යන කොට්ඨාසවලට පොලිස් ඇඳිරි නීතිය පැනවා තිබේ.

Read More

මැතිවරණ ප්‍රචාරක දේශනයකදී වෙඩි තබා ඝාතනය කළ හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජූලි 12 අඟහරුවාදා පැවැත්වීමට නියමිත බව ජපාන රජය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.