saravita-anim2

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

Latest News - timelapse 49 hours ago

LATEST

නව ව්‍යවසායකයන් වෙනුවෙන් නව ණය වැඩසටහන් ලබන වසරේදී

calendar_today 2025 දෙසැ 05 - 13:31 remove_red_eye - 83  

නව ව්‍යවසායකයින් වෙනුවෙන් ණය පහසුකම් ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ බැංකු ඒකාබද්ධ වැඩසටහනක් ලබන වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරනවා - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති.

දුම්රිය මාසිකවාර ප්‍රවේශ පත්‍රයෙන් ලංගම බස් රථවල ගමන්කිරීමට අවස්ථාව සලසා දුන් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසීය. රට තුළ පැවැති අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් ලබාදෙන සහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

Read More

පසුගියදා පැවති ආපදා තත්ත්වයත් සමඟ, ගාස්තු අය කිරීමකින් තොරව අධිවේගී මාර්ග වල ගමන් කිරීමට රථ වාහන සඳහා අවස්ථාව ලබාදී තිබුණි.

Read More

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුහමුදු ඉස්මයිල් මුත්තු මුහම්මදු මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා නෙයියාතම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් මහතා අද (5) පෙරවරුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

Read More

දරුවාගේ උපතේ සිට මාස හයක් (06) ගතවන තුරු එකම ආහාරය මව්කිරිය. මේ කාල සීමාවේ දරුවාට ජලය වත් මව් කිරි වලට අමතරව ලබා නොදිය යුතුය. කුමන ආපදා තත්වයක වුවද මව ජීවත්ව සිටීනම් මවගේ මව්කිරි නිපදවෙයි. දරුවා අසල මව නොමැති විශේෂිත තත්වයක මිස මව්කිරි ලබා දිම දිගටම කල යුතුය.

Read More

ආපදා තත්ත්වය හේතුවෙන් මෙරටට ලැබෙන විදේශ ආධාර හා පරිත්‍යාග සැලසුම් සහගතව හොද දැක්මකින් යුතුව නිසි අයුරින් කළමණාකරණය කිරිමට රජය කටයුතු කළහොත් ඉතා කෙටිකාලයකින් රට නැවත ගොඩනැගිය හැකි බැව් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.

Read More

දිවයින හාරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඒ් අනුව උතුරු, උතුරු-මැද, නැහෙනහිර හා ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Read More

පැවැති අයහපත් කාලගුණ තත්ත්වයෙන් අනතුරුව ජාතික සත්වෝද්‍යාන යළිත් විවෘත කර තිබේ. ඒම සත්වෝද්‍යාන වෙත පිවිසිය හැකි විකල්ප මාර්ගද සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් නික්ත් කර තිබේ.

Read More

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කළ දැනුම්දීමක් මත අද පස්වරුවේ සිට මහනුවර - කොළඹ මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් යළි වසා දමා තිබේ.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකට අද 04 පස්වරුවේ තරමක තද වැසි පතිත වන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවසීය.

Read More

දිවයින පුරා ඇති වූ අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් අද 04 වනදා දක්වා ලැබී ඇති වාර්තා අනුව දිවයිනේ වැඩිම ආපදා මරණ ගණන අතුරුදහන්වීම් ගණන වාර්තා කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 185 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 229 දෙනෙකු අතුරුදහන් වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි

Read More

ශ්‍රී ලංකාවට බලපෑ සුළි කුණාටු සහ ගංවතුර ආපදා තත්වයට යටතේ ශ්‍රී ලංකාව පුරා බිත්තර දමන කිකිළියන් ලක්ෂ 30 ක් මරණයට පත් වී ඇති බවත් , එනිසා බිත්තර මිළ දැනටමත් ඉහල ගොස් ඇති බවත් , මෙම පසුබිම යටතේ රට පුරා බිත්තර හිගයක් නිර්මාණය විය හැකි නිසා රජයට මේ ගැන අවධානය යොමු කරවීමට මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන බවත් සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා 12/04 දින උදෑසන පැවසීය .

Read More

ඉන්දීය ආපදා ආධාර රැගත් 08 වන යානයත් 12/04 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. එම ගුවන් යානය තුළ මෙට්‍රික් ටොන් 53 බරැති අඩි 110 ක් දිගැති මංතීරු දෙකකින් යුතු යකඩ බේලි පාළමක් රැගෙන විත් තිබූ අතර , එය ඉන්දීය රජය විසින් මෙරටට පරිත්‍යාග කිරීමට නියමිත පාලම් 10 න් 02 වැනි එකකි.

Read More

මහනුවර කොළඹ ඒ 01 මාර්ගය අත්‍යාවශ්‍ය ප්‍රවාහන සේවා සඳහා පමණක් සඳහා සහ මහනුවර මහියංගණය මාර්ගය සැහැල්ලු වාහන සඳහා පමණක් අද 04 වනදා සිට විවෘත කර ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා කියයි.

Read More

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය බස්නායක නිලමේ ධූරයට සුදුස්සෙකු පත් කර ගැනීමේ නිලවරණය දෙසැම්බර් මස (09) වෙනිදා පෙ.වර 10.00 මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

Read More

ආපදාවට ලක්වූවන්ට සහන සලසමින් සිටියදී වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ගුවන් නියමු ගෲප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වා තිබේ.

Read More

දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 479 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මේ වසරේ ජනවාර මස පළමුවැනිදා සිට නොවැම්බර් මස 30 දක්වා වූ කාලය තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 2 103 593ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. නොවැම්බර් මාසය තුළදී පමණක් සංචාරකයන් 212 906ක් පැමිණ තිබේ.

Read More

ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදු කිරීම - නොරොච්චෝල පොලිස් වසම.

Read More

දිවයින පුරා බලපා තිබූ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම්වලට ගොවි බිම් හසු වී වළවළු වගාවන් විනාශ වී යාම නිසා පසුගිය දින කිහිපය තුල විශාල ලෙස ඉහළ ගොස් තිබූ එළවළු මිළ අද 03 වනදා වන විට අඩු වීමට පටන් ගෙන ඇති බව ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාරිකයෝ ස ඳහන් කරති.

Read More

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආපදා තත්වය යටතේ විපතට පත් වී සිටින ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා ’’ ක්ෂේත්‍රගත රෝහලක් ’’ පවත්වා ගෙන යාම සදහා 41 දෙනෙකුගෙන් යුතු ජපන් ජාතික වෛද්‍යවරුන් ඇතුළු සමස්ථ රෝහල් කාර්යය මණ්ඩලයක් 12/04 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

උතුරු, උතුරු-මැද, නැහෙනහිර හා ඌව පළාත්වලත් ම්බන්හතාට හා මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුළ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

“දිට්වා” සුළි කුනා‍ටුවෙන් විපතට පත් වූවන් රඳවා සිටි මොනරාගල දිස්ත්‍රික්කේ සියලු සුරක්ෂිතා කඳවුරු (02) වෙනිදා සිට වසා දැමූ බවත් කෙසේ වෙතත් සතියක් යනතුරු එම පවුල් වලට වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු ආධාර ලබාදීමට කටයුතු කරන බවත් මොනරාගල දිසාපති ඒ.ජී නිශාන්ත මහතා පැවසීය.

Read More

අපේ රටේ ගොවින් වගා කරනු ලබන කිසිදු එළවළුවක් පිටරටින් ගෙන්වන්නේ නැති බවත් එළවළු රටින් ගෙන්වන බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවත් කෘෂිකර්ම ඉඩම් පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා කීය.

Read More

ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක කැඩී තිබූ භාණ්ඩ ගෙන යන විදුලි සෝපානයක් අලුත් වැඩියාවට ගිය පුද්ගලයෙකු අද (03) සවස ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව ඇල්ල පොලිසිය පැවසීය. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රාජ මනමේන්ද්‍රලාගේ අනුර ධර්මසිරි නමැති 55 වියැති පුද්ගලයකු බවද පොලිසිය කියයි.

Read More

තබ්බෝව යුද හමුදා කඳවුර, කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහයද ඇතිව පෙරේදා (1) සිට මාර්ග සංවර්ධන අධිකාරියේ පාලම් ඒකකය විසින් පාලම කඩිමින් සවිකර ගමනා ගමනයට මෙසේ විවෘතකර ඇත. අදාළ ස්ථානයේ කලින් තිබූ කොන්ක්‍රීට් පාලම ගංවතුරට හසුවීමෙන් කඩා වැටීම නිසා මෙහි ගමනා ගමනය ඇණ හිට තිබුණි.

Read More

ව්‍යසන තත්වය හමුවේ ජාතික රුධිර සංචිත පවත්වා ගැනීමට ගණනින් වැල නොකැඩී පැමිණ රුධිරය පරිත්‍යාග කල සැමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ස්තුතිය .

Read More

වලංගු බල පත්‍රයක් නොමැතිව මගීන්ගෙන් වැඩිපුර මුදල් අය කර නුවරඑලියේ සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයේ රියදුරා අධිකරණ හමුවට.

Read More

ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්තායතනයට නව මෙහෙයුම් අමාත්‍යංශය පියවර ගෙන ඇත. දැනට මොනරාගල සහකාර පළාත් පාලන කොමසාරිස් වරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න විජේසේකර මහතා මෙසේ (02) වෙනිදා සිට එම ධූරයට පත්කර තිබේ.

Read More

පුද්ගලයින් 239 දෙනෙකු සමඟ වසර 11ට පෙර අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය සෙවීම නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව මැලේසියානු බලධාරීන් සඳහන් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.