saravita-anim2

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 63 hours ago

LATEST

මනූෂට ඇප

calendar_today 2025 ඔක් 15 - 20:56 remove_red_eye - 127  

ඊශ්‍රායල රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වූ චෝදනාවකට අල්ලස් කොමිෂම මගින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කළ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට ඇප හිමිවිය.

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුල පසුගිය සිකුරාදා දින පොලිස් නිලධාරියෙකු ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද දින (15) අධිකරණයට ඉදිරිපත් වූ සැකකාර නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් හා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළා.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ’ගණේමුල්ල සංජීව’ ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම රැගත් ගුවන්යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟාවිය. ඉෂාරා සෙව්වන්දි සමග හය දෙනෙක් නේපාලයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙසේ දිවයිනට ගෙන එනු ලැබීය.

Read More

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 10 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය මෙ බව තීරණය වී ඇත.

Read More

පුත්තලම නව අධිකරණ ගොඩනැගිල්ල අධිකර‍‍ණ ඇමති හර්ෂණ නානායක්කාර මහතාගේ සහභාගිත්වයෙන්දි අද විවෘත කරනු ලැබීය. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 202ක් වැය කර තිබේ.

Read More

යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණය යටතේ ප්‍රධාන පනත් කෙටුම්පත් හතරක් හඳුන්වා දීම පිළිබඳව සලකා බලමින් සිටින බව ගරු කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. ඒ කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගිය 08 වන දා ගරු කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී ය. ගරු කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ද රැස්වීමට සහභාගී විය.

Read More

මෙම ව්‍යාපෘතිය රටවල් දෙකටම වැදගත් වන ව්‍යාපෘතියක් හෙයින් කඩිනමින් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ලියැංගොං මහතා එකඟතාව පළ කළේ ය.

Read More

හමාස් සංවිධානය සිය අවි බිම තැබි යුතු බවත් ඔවුන් එසේ නොකරන්නේ නම් තමන් මැදිහත්ව එය සිදුකරන බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.

Read More

තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබේ. අද පස්වරු 3.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට දින පෙරවරු 8.30 තෙක් වලංගු වෙයි.

Read More

බොගවන්තලාව වතුයායේ නිවසක තොටිල්ලක එල්ලී සිටියදී 13 හැවිරිදි දැරියකගේ ගෙල සිරවී මියගොස් සිටි මළ සිරුරක් සොයාගෙන ඇති බව බොගවන්තලාව පොලිසිය පවසයි.

Read More

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2025 ඔක්තෝබර් 16 වැනි දින සිට18 වැනි දා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වේ.

Read More

තංගල්ල මුහුදු සීමාවේ පාවෙමින් තිබු මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර 51 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව 2025.10.14 දින සොයාගත්හ.

Read More

ප්‍රකාශයක් ලබා දීම සඳහා අද දිනයේදි අල්ලස් කොමිසමට කැඳවූ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහනුවර ජාතික රෝහල් විසින් රෝගි සත්කාර සේවාවේ ගුණාත්මකභාවය ඉහල නැංවිමේ අරමුණින් රුපියල් එක්කෝටි, අසුලක්ෂ, විසිහතරදහස්, පන්සියහතලිස්අටක මුදලක් (18,024,548) වැයකොට මිලදි ගනු ලැබු විද්‍යුත් මගි ප්‍රවාහන රථ හයක් සහ විද්‍යුත් ගිලන්රථ හතරක් මිලදිගෙන වසර දෙකක් ගතවිමට ද මත්තෙන් භාවිතයෙන් ඉවත්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More

කැසිනෝ සඳහා යොමුවන පිරිසෙන් 60% - 70% අතර ප්‍රමාණයක් මාර්ගගත කැසිනෝ සඳහා යොමු වෙලා - මාර්ගගත කැසිනෝ වලින් බදු අදායමක් ලබාගැනීමේ ක්‍රමයක් තවම නෑ - කාරක සභාවේදී අනාවරණය වෙයි.

Read More

නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (15දා) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

Read More

කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කිරිමත් සමග රෝගින් සංඛ්‍යාව වැඩිවුවද අත්‍යවශ්‍ය පහසුකම් වැඩිවිමක් සිදුවි නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More

බංග්ලාදේශයේ ඇඟලුම් කම්හලක හටගත් ගින්නකින් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

අල්ලස් දූෂණ කොමිෂන් සභාව ඉන්නේ අල්ලස් ගන්න අය අල්ලන්නම නෙවේ.. අල්ලස, දූෂණය, නාස්තිය නවත්තන්න පහළ තැන ඉඳන් හැදිය යුතුයි.”ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය රටවල් 180 ක් තමන්ගෙ සංගණනයට ගන්නවා අරගෙන හදන දුෂණ සම්බන්ධයෙන් වන නිර්නායකයක් තියනවා’’ඉන්ඩෙක්ස් එකක් එකේ දුෂණය අඩුම රට 01 නම් ,දුෂණය වැඩිම රට 180, ඔබ හිතන විදියට ලංකාව කොහෙද තියෙන්නේ එකසීය විසිඑකේ (121) හැබැයි,ප්‍රශ්නය මොකක්ද දන්නවාද ඔබට හම්බවෙලා තියෙනවාද දුෂණය තියෙන්න ඕනේ අල්ලස තියෙන්න ඔනේ

Read More

වයස අවුරුදු 58-60 අතර කාන්තාවන් සංචාරක වීසා උපයෝගි කරගනිමින් ඩුබායිහි ගෘහසේවිකාවන් වශයෙන් යොමු කිරීමට මුදල් අයකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් උඩහමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

Read More

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read More

අන්තර් නිවර්තන්‍ අභිසාරී කාලාපය හා දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බවත් ඒ හේතුවෙන් අද (15) හා ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මේ වන විට 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඔවුන් දෙදෙනා නිවුන් සහෝදරයන් වන අතර ඔවුන් දෙදෙනා විසින් ලංකාවේ අපට වඩා ලංකාව පිළිබඳ දන්නා AI තාක්ෂණයෙන් කතා කරන රොබෝ කෙනෙකු නිර්මාණය කිරීමට සමත් වී තිබීම නිසයි අද අප පවා මේ දරුවන් දෙදෙනා පිළිබඳ කතා කරන්නේ.මෙම රොබෝ සතුව විශේෂ හැකියාවක් පවතිනවා.එනම් අපි සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ ඉංග්‍රීසියෙන් අසනු ලබන ප්‍රශ්න වලට මෙම රොබෝ විසින් අංග චලනයන් හා මුඛය චලනය කරමින් අදාළ තොරතුරු පැවසීමයි.

Read More

මේ වසරේ ඔක්තෝම්බර් මාසය අවසානය වන විට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය 3000 ඉක්මවන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Read More

ඊට පිළිතුරු ලබාදුන් නිලධාරීහු රුපියල් මිලියන 610.96ක් වන හිඟ අදායම් වලින් මේ වනවිට රුපියල් මිලියන 148ක මුදලක් අයකර ගැනීමට හැකිවූ බව පැවසුහ. ඉතිරි මුදල් අයකරගැනීමට අවශ්‍ය කටුයුතු සිදුවෙමින් පවතින බවත් ඔව්හු පැවැසුහ. කෙසේ වෙතත් මෙම එකතු කර ගැනීමට පවතින හිඟ ආදායම් විධිමත්ව අයකර ගැනීමේ සැළස්ම පිළිබඳව සම්පුර්ණ වාර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙසට සභාපතිවරයා උපදෙස් ලබාදුන්නේය.

Read More

ඇතැම් සමාජ මාධ්‍ය පිටු තමා ගැන විවිධ අසත්‍ය ප්‍රකාශ නැවතත් පළ කරමින් පවතින බවත් ඒ සම්බන්ධයෙන් මාර්ගගත ආරක්ෂණ පනත යටතේ ක්‍රියාමාර්ග ගන්නා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පුහුණුකරු සනත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

’’මම හිතන්නේ මාධ්‍ය යේ ඉන්න ඔබ අර විපක්ෂයේ ඉන්න සජිත්ට දසාසිරිට වඩා බුද්ධිමත් වෙන්න ඕන කියලා. ඒ මොකද කන්ටේනර් සිදුවිමයි අමාත්‍ය මණ්ඩල‍ සංශෝධනයයි අතර කිසිම සම්බන්ධයක් නෑ. කන්ටේනර් සිදුවීමයි. අමාත්‍ය මණ්ඩල සංශෝධනයයි ගැන අපි කථා කරලා තියෙනවා. ඒ සිදුවිම ගැන පරික්ෂණ කමිටුවක් දැම්‍මේ ජනපතිවරයා.’’

Read More

රාජ්‍ය ආයතන විසින් ප්‍රසම්පාදනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනයන් යටතේ දුඹුරු සීනි පමණක් සපයා ගැනීම අනිවාර්ය කිරීමට කැබිනට් මණ්ඩලය තිරණය කර තිබේ.

Read More

පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණ ප්‍රතිඵල මත 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා සකස් කරන ලද 31/2025 චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් 2025 අගෝස්තු මාසයේදී ආයෝජකයන්ගේ කැමැත්ත නිර්ණය කිරිම සඳහා පවත්වනු ලැබ අඇති වෙළඳපොළ සමීක්ෂණයක ප්‍රතිඵල අනුව වසරකට අඩු කාලයක සිට වසර 03ක කාලයක් දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් දක්වා විවිධ ප්‍රමාණවලින් ආයෝජනය කිරීමට ආයෝජකයන් උන්නදුවක් දක්වන බවට තහවුරු වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.