saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4275 hours ago

LATEST

මහජනයා කැලඹෙන අදහස් fb දැමු අයෙක් අත්අඩංගුවට

calendar_today 2023 ජන 26 - 15:38 remove_red_eye - 814  

මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව මුහුණුපොතේ අදහස් පළ කළ අරගලයේ ක්‍රියාකාරිකයකු මහරගම දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය පවසයි.

මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කළැයි සිදුවීමට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වෘත්තිය සමිති ක්‍රියාකාරීන් වන ආනන්ද පාලිත සහ සංජීව ධම්මික යන දෙදෙනා අද (26දා) ඇප මත මුදාහැරිණි.

Read More

ණය අර්බුදයට මුහුණදෙන රටවලට සහායවීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලබාදෙන බව ජපානය පවසයි. රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් එරට ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

Read More

රුසියානු හා බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එළඹෙන වර්ෂයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට සහබාගිවීමට අවසර ලබාදීමට අන්තර්ජාතික ඔලිම්පික් සම්මේලනය තීරණය ගෙන ඇත.

Read More

කිලෝවොට් 05ක සුර්යබල ඒකකයක් සහිත සුර්ය පැනල සෑම ආගමික සිද්ධස්ථානයකටම හා රාජ්‍ය ආයතනයකටම නොමිලේ ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

Read More

දිනුම් අංක නොමැති ලොතරැයි ටිකට් පත් වල දිනුම් අංක ව්‍යාජ ලෙස මුද්‍රණය කර දිනුම් මුදල් ලබා ගැනීමේ ජාවාරමක නියුතු කල්ලියක සාමාජිකයෙකු ව්‍යාජ ලොතරැයි ටිකට්පත්තොගයක්ද සමඟ අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

වීදි ගණිකාවක් ලෙස බිරිය පෙන්වා විවිධ පුද්ගලයන් රවටා පාලු ස්ථාන වලට රැගෙනගොස් කොල්ලකන සංවිධානත්මක සොර කල්ලියක සැමියා බිරිද ඇතුලුව සැකකාර හතරදෙනෙක් ඊයේ (25දා) මොරටුව මෝදරදී අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය පැවසීය.

Read More

තලංගම ජපන් මිත්‍රත්ව පාලම අසල දියසරු උයන අධි ආරක්ෂක කලාපයේ දියවන්නා ඔයේ ඔරුවකින් හොර රහසේ මාළු ඇල්ලීමට ගිය දෙදෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි තලංගම පොලිසිය පවසයි.

Read More

සාමාජිකයකු ඉල්ලා අස්වීමෙන් මැතිවරණ කොමිසම අඩපණ වෙන්නේ නැති බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති, මහින්ද දේශප්‍රිය මහතා සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් සඳහන් කරයි.

Read More

අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමිට සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (28දා) සවස 2.30ට ඓතිහාසික ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැත්වේ.

Read More

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් ශ්‍රීලාංකිකයන් 38 දෙනෙකු ඊ‍යේ (25දා) සවස නැවතත් ගුවන් මගින් මෙරටට පිටුවහල් කිරීමට රී-යූනියන් දූපතේ ප්‍රංශ බලධාරීන් විසින් කටයුතු කර ඇත.

Read More

මරදන්කඩවල - වාලච්චේන ඒ- 11 මාර්ගයේ හීනුක්කිරියාව පන්සල අසලදී ඊයේ (25 දා) රාත්‍රී සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මරදන්කඩවල පොලිසිය පවසයි.

Read More

ශ්‍රි පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා මාර්ගය දෙපස සමන් පිච්ච පැළ රෝපණය කිරිමේ වැඩසටහනක් ඊයේ (25දා)දවස පුරා පැවැත්විණි

Read More

රජයේ දුර්වල මූල්‍ය කළමනාකරණය හේතුවෙන් රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමට ලක්ව ඇතැයිද එතුළින් රෝගීන්ගේ වටිනා ජීවිත මරු කටට වැටී ඇතැයිද චෝදනා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, බදුල්ල පළාත් මහ රෝහල් පරිශ්‍රය කලු කොඩිවලින් සරසමින් ඊට විරෝධය පළකළේය.

Read More

මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහාය දැක්වීමටත්, ඒ සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් යානා සපයා දීමටත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති රීටා ජී. මැනෙලා මහත්මිය (Rita G. Mannella) කැමැත්ත පළ කළාය.

Read More

වැටුප් ලබන්නායි වැටුප් ගෙවන්නායි දෙන්නාම ණය උගුලක සිර කරන මාසික වැටුප් වෙනුවට සති පතා වැටුප් ගෙවීමට අපි යෝජනා කරනවා. එතකොට දැවැන්ත මුදලක් එක දවසක ගෙවන්න තිබෙන පීඩනයෙන් වැටුප් ගෙවන්නා නිදහස් වෙනවා. ඒ වගේම මාසික වැටුප සති තුනෙන් අවසන් වීමෙන් සිරවෙන ණය උගුලෙන් මිදීමට වැටුප් ලබන්නට හැකි වෙනවා. වැටුප් ගෙවන්නාත් වැටුප් ලබන්නාත් දෙන්නම ණය උගුලේ සිර වීමේ අවදානමෙන් මුදා ගැනීමට සතිපතා වැටුප් ගෙවීමෙන් පිටුවහලක් වෙනවා.

Read More

දෛනික මරණ සංඛ්‍යාව ජනවාරි 4 වැනි දින 4,273 සිට ගෙවුණු සඳුදා 896ක් දක්වා 79%කින් පහත වැටී ඇති බව CDC දත්ත පෙන්වා දෙයි.

Read More

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

Read More

ඊයේ (24දා) සිදුකළ විදුලි කප්පාදුවෙන් ගොගාවොට් පැය 1.86ක් ඉතිරි කර ගැනීමට හැකිවූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වීමට අදාළ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇතැයි වාර්තා වෙයි.

Read More

රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රුසියානු ජාතික යුවළක් රැගෙන ආ ගමන් මල්ලේ සෙල්ලම් පිස්තෝල ලෙස බව හැගවෙන උපකරණ දෙකක් තිබී කටුනායක ගුවන් තොටුපළ පොලීසිය මගින් අද (25දා) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එළැඹෙන මාර්තු 9 වෙනිදා යනු මේ රටේ ජනතාව තමන්ගේ හදවතේ ඇති වේදනාව කෝපය සහ වෛරය ප්‍රකාශයට පත් කරන දිනය බවත් එසේ සිදු කරන්නේ උදෑසනම ඡන්ද පොළට ගොස් මාලිමාව ලකුණ ඉදිරියේ ඡන්දය සටහන් කරමින් යැයි, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් හෙට (26දා) සවස 4.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

යුරෝපයේ රදගුරු පදවියේ ප්‍රධාන දේවගැති රොබට් ඉනස් බිෂොප් පියතුමන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතරතුර මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැද පුදා ගත්තේය .

Read More

ගම්පොල බැංකු කොල්ලයට සම්බන්ධ නවීන වෑන් රථය පේරාදෙණිය ගලහා මංසන්ධියේ රියැදුරා සමග දමා ගොස් තිබියදී පොලීසිය මගින් අද (25දා) දහවල් සොයාගෙන ඇත.

Read More

රුපියල් කෝටි 2 කට අධික වටිනා රන් භාණ්ඩ තොගයක් මඩකලපුව ඔට්ටමාවඩි රාජ්‍ය බැංකුවකින් අස්ථානගත වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉදිරි වසර කිහිපය තුළ සියයට 50 දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවේ ජර්මානු තානාතිපතිවරයා හමුවේ අද (25දා) පැවසීය.

Read More

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 6ක මිල නැවතත් පහළ දමා තිබේ. මෙම මිල පහත හෙළිම හෙට (26දා) සිට ක්‍රියාත්මක වේ.

Read More

මාසික වැටුප් සතිපතා ගෙවීමට හැකි ක්‍රමවේදයක් සැකසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ අද (25දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ‍ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (25දා) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 49 කට අධික තොගයක් (‍තෙත බර සහිත) සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.