ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල් පොලීසියෙහි බීමතින් රාජකාරියේ නියුතුව සිටි පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
මෙම සැරයන්වරයා ඊයේ (25) රාත්‍රීයේ බීමතින් සේවය කරන බවට රෝහලෙහි විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පොලීසියට පැමිණිලි කිරීම මත රාත්‍රී 11 ට පමණ ෙමෙලෙස අත් අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි.
එම සැරයන්වරයා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කෙරෙන බව කළ විමසුමකට පිළිතුරු දෙමින් උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
තිලකරත්න දිසානායක