ඉතාලියේ නාපොලි නගරයේ සිදු වු රිය අනතුරකින් 42 හැවිරිදි ලාංකිකයෙක් මියගොස් තිබේ. පසුගිය 25 දා අලුයම 5 ට පමණ ශ්‍රි ලාංකිකයන් තිදෙනෙක් ගමන් ගත් එම මෝටර් රථය නාපොලි via capo di monte මාර්ගයේදි අධික වේගයත් සමග එහි රියදුරාට රථය පාලනය කර ගැනිමට නොහැකි වීමෙන් මාර්ගය අසල තිබු කණුවක ගැටි මෙම අනතුර සිදුව ඇති බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.
අනතුරෙන් මියගිය පුද්ගලයා මෝටර් රථයේ පසුපස ආසනයේ ගමන් කර ඇති බවත් ආරක්ෂිත ආසන පටි පැළද නොසිටීම හේතුවෙන් මෙම මරණය සිදු වන්නට ඇති බව පරික්ෂණ සිදු කරන රථවාහන අංශ පොලිස් නිළධාරින් සැක කරයි.
මෝටර් රථය ගැටිමත් සමග එහි ස්වයංක්‍රීය වායු බැලුන් ක්‍රියාත්මක වීම හේතුවෙන් මෝටර් රථයේ ඉදිරිපස ගමන්ගත් අනෙක් ලාංකිකයන් දෙදෙනාට හානියක් නොමැති බව එම පොලිස් නිළධාරින් පැවසු බව ඉතාලි මාධ්‍ය පවසයි.
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ සිට
