හඟුරක්කෙත පොලිස් වසමේ දියතිලකපුර ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු පහරදීමෙන් තුවාල ලබා මහනුවර රෝහලේ ප්රථිකාර ලබමින් සිටියදී මිය යාමේ සිද්ධියකට අධාලව සිදුකරන ලද පරීක්ෂණයකදි එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් 08 දෙනෙකු ප්රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වමින් සිටින අතරවාරයේදී ඊයේ (26) වන දින කාන්තා හා පිරිමි පුද්ගලයින් 200කට අධික පිරිසක් හඟුරන්කෙත පොලිසියට බලහත්කාරයෙන් ඇතුළු විමට උත්සහ කිරීමේදි එම විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය අහසට වෙඩි තබා ඇත. එහිදි එම පිරිස පොලිසියේ ගේට්ටුකඩාගෙන පොලිසිය ඇතුළුවීමට උත්සහ දරූ බව පොලිසිය කියයි.
කෙසේ වූව ද එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකනර විමර්ශන සම්බන්දයෙන් එම පිරිස දැනුවත්කර තිබියදී කලහාකාරීව හැසිරුණු බව පොලීසිය සඳහන් කරයි.
කලහාකාරීම හැසිරුණු පිරිස යම් විදියයකින් පොලිසියට ඇතුළු වුවහොත් රාකාරි නිරත නිලධාරීන්ගේ ජීවිතවලට තර්ජනයක් විය හැකි බවට නිරික්ෂණය වීම නිසා එසේ අහසට වෙඩි තබා ඇත.
කෙසේ වුවද පසුව එම පිරිස පොලිසිය ඉදිරිපිටින් ඉවත්ව මාර්ගයට වී පැයක් පමණ කාලයක් විරෝධයේ නිරතව විසිර ගියහ.