saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 3904 hours ago

LATEST

දුම්රිය ගමන්වාර 18ක් අවලංගුයි

calendar_today 2023 අප්‍රේ 17 - 17:50 remove_red_eye - 142  

අවුරුදු කාලසීමාවේදී දුම්රිය රියදුරන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද දිනයේදී දුම්රිය ගමන්වාර 18ක් අවලංගු කිරීමට සිදුව තිබේ. මේ අතර පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක දුම්රිය ගමන්වාර පහක්ද වෙයි.

යාපනය පන්නෙයි වටරවුමේ නයිනතිව් නාගභූෂණී අම්මාන් කෝවිලේ ප්‍රතිමාවක් කිසියම් පාර්ශවයක් ඉදිකිරීම සහ ඉන් පසුව එම ප්‍රතිමාව ඉවත් කිරීමට යාපනය පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ගැනීමත් සමග පාර්ශව කිහිපයකින් විරෝධතා එල්ල වී ඇතැයි වාර්ථා වෙයි.

Read More

2023 අප්‍රේල් 20 වැනි දින සූර්යග්‍රහණයක් සිදුවන අතර එය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබයි. එයට හේතුව එකම සූර්ය ග්‍රහණය තුල එය පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් දක්වා මාරු වන බැවිනි.

Read More

දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමටත් මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයත් අරමුණු කර ගනිමින් නානුඔය සිට නුවරඑළිය ඔස්සේ උඩුපුස්සැල්ලාව දක්වා විදුලි දුම්රිය මාර්ගය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිව් නිවුන් දරු උපතක් සිදුව තිබේ. කුරුණෑගල තෝරයාය අටමුනේ ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි මවක් එසේ සිව්නිවුන් දරු ප්‍රසූතියක් සිදු කොට තිබෙන අතර පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවෙකු එසේ ඇය විසින් බිහි කොට තිබේ.

Read More

අධිවේගී මාර්ගයේ ඉකුත් පැය 48 ක කාලය තුළ ( අද අලුයම 6 දක්වා) රුපියල් 7 කෝටි 55 ලක්ෂ 8100 ක ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එල් වි එස් වීරකෝන් මහතා පැවසීය.

Read More

කොත්මලා ඔයේ ප්‍රධානතම අතු ගංගාව වන අග්‍රා ඔයේ මාළුන් විශාල ප්‍රමාණයක් හිටිහැටියේම මියගොස් ඇති බවත්, එම මාළුන් ආහාරයට ගැනීම අහිතකර විය හැකි බැවින් ආහාරයට ගැනීම හෝ අලෙවි කිරීම සිදු නොකරන ලෙස ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් තලවකැලේ, ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණී රිෂිනි දුරෙයිරාජ් මහත්මිය පැවැසුවාය .

Read More

ශ්‍රී ලංකා හිටපු පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් චරිතාපදානය ඇතුළත් චිත්‍රපටයට අදාළ පළමු පෝස්ටරය මේ වන විට එළි දක්වා තිබේ.

Read More

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කණ්ඩායම් උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් මඟහැර සිටීම හේතුවෙන් රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියම අර්බුදයට ලක්වී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න පවසයි.

Read More

දකුණු මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට ගනු ලැබූ හෙරොයින් තොගෙය් වටිනාකම රුපියල් බිලියන තුන ඉක්මවන බව නාවික හමුදාව පවසයි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ පෙරේදා 16 රාත්‍රී සිදුවූ අනතුරු රැසකින් වාහන 26 කට ආසන්න සංඛ්‍යාවකට අලාභ සිදු වී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.

Read More

ජපන් ආධාර යටතේ ශ්‍රී ලංකවේ ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජයිකා ආයතනයේ අවධානය යොමුව තිබේ.

Read More

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගුවන් තොටුපළේ දී ඉකුත් 04/15 දින කාර්මික දෝශයකට ලක් වී තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ඩොලර් මිලියන 200 ක ණය ආපසු ගෙවීමේ කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට බංග්ලාදේශය කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පැරිස් සමාජය අගය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණි ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කාර්මික දෝශයකට ලක් වී තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය හෙට උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .

Read More

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන් ගත් කැබ් රථය කරවනැල්ල කහටගස් තැන්න ප්‍රදේශයේ දී තාප්පයක ගැටීමෙන් අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව රුවන්වැල්ල පොලිසිය කියයි.

Read More

රජයේ සියලුම පාසල්, පාසල් වාර සටහනට අනුව 2023 අප්‍රේල් මස 17වන දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

අවුරුද්දට පානදුර වෙරලට පැමිණ රළ පහරට හසුව ගසාගෙන යමින් සිටීයදී පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් විසින් බේරාගෙන දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි උපකාරක පංති ගුරුවරයෙකු පසුගියදා (14) රාත්‍රි මියගොස් ඇතැයි පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .

Read More

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට 04/15 දින රාත්‍රී 10.25 ට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානය හදිසි කාර්මික දෝශයකට ලක් වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ කළමනාකරණ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය.

Read More

ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක කාර්ය මණ්ඩලවල එකමුතුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත තරග හා විදේශිකයන් සඳහා තරගවලින් සමන්විතව පැවැත්වෙන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 වන සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර හරිත භූමියේ දී පැවැත් වේ.

Read More

අලුත් අවුරුද්දට සීයාගේ නිවසට නිවැසියන් සමග ඊයේ (15) පැමිණ සිටියදී අතුරුදහන්වූ අවුරුදු දෙක හමාරේ පිරිමි දරුවාගේ මළ සිරුර දරුවාගේ සීයාගේ නිවස පිහිටි නෙළුව පොලිස් වසමේ පාමංකඩ, නෙළුව ගම හරහා ගලාබසින රංකැටි ඇලේ පාවෙමින් තිබියදී අද (16)සොයාගත් බව නෙළුව පොලීසිය කියයි.

Read More

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කෙරුණු සිංහල දමිළ අවුරුදු සැමරුම් උත්සවය අද(16දා) සිදු කෙරුණි.

Read More

අවුරුදු නෑගම් යමින් සිටි ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් බන්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කල බව බණ්ඩාරගම පොලිසිය කියයි.

Read More

අළුත් අවුරුද්දට නෑගම් ගිය පිරිසක් ගමන්ගත් ත්‍රීරෝද රථයක් ගිනිගෙන දැවී අළුවී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.

Read More

දැනට අප රටේ එළු පාලනය පුළුල් මට්ටමින් සිදු නොවෙන නිසා එළු පාලනය ආශ්‍රීත නිෂ්පාදන වන එළු මස් හා එළු කිරි වැඩි ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කරනු ලබයි. එමෙන්ම එළු සම් ලබා ගැනීම හා එළු පොහොර නිෂ්පාදනය මගින්ද ඉහළ ආදායමක් ලබා ගත හැකිය.

Read More

සමස්ත ලෝක ආර්ථිකයේ ප්‍රකෘතියමත් වීම මන්දගාමීව සිදුවෙද්දීත්, චීන ආර්ථිකය ධනාත්මක ගම්‍යතාවක් පෙන්නුම් කරමින් ගෝලීය සංවර්ධනයට වාසිදායක වර්ධනයක් ලබා දී ඇතැයි ලෝක බැංකු අධිපති ඩේවිඩ් මැල්පාස් මහතා කියාසිටී. ඔහු වොෂින්ටනයේ දී මේ බව පැවසීය.

Read More

බෙයිජිං නුවර ගොඩනැගී ඇත්තේ දිස්ත්‍රික්ක 16ක එකතුවෙනි. මා වෙසෙන්නේ චායොයක් දිස්ත්‍රික්කයේ ය. චායොයං දිස්ත්‍රික්කය තුළ නැරඹීමට ඇති දෑ බොහෝය. විශේෂයෙන්ම මෙම දිස්ත්‍රික්කය පරිපාලනමය වශයෙන් වැදගත් ස්ථාන රැසක් පිහිටා ඇති ප්‍රදේශයකි. විශේෂයෙන්ම රටවල් රැසක තානාපති කාර්‍යාල පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කයේ ය. ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ද චායොයං දිස්ත්‍රික්කයේ ජියංගුවාමෙන්වායි හි පිහිටා ඇත.

Read More

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් ලබන 20 දා පැවැත්විමට නියමිතව ති‌බේ. ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබේ මීළග පාර්ලිමේන්තු රැස්වීම ලබන 25 දා පැවැත්වීමට නියමිතව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.