saravita-anim2

2025 ජුලි මස 21 වන සඳුදා

2025 ජුලි මස 21 වන සඳුදා

Latest News - timelapse 3751 hours ago

LATEST

නව පුෂ්පරාග මැණිකක් රත්නපුරෙන් සොයා ගනියි

calendar_today 2023 මාර් 14 - 15:49 remove_red_eye - 4285  

ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයෙහි රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ වලංකන්ද ප්‍රදේශය තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු කාර්යමණ්ඩලවල නිවාඩු අද (14) සිට අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Read More

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පවත්වන පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුව මගින් සැලසුම් කර දීපව්‍යාප්ත මධ්‍යස්ථාන 341ක දී 2023-03-25 දින පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙම පරීක්ෂණයේ විභාග අපේක්ෂකයන් සඳහා ප්‍රවේශ පත්‍ර යැවීමට විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු යොදා ඇත.

Read More

චන්ද්‍රිකා වැව හා කිරි ඉබ්බන් වැව ආශ්‍රිතව ජලය මත පාවෙන සූර්ය විදුලි බල ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

මහ බැංකුව අද නිකුත් කරන ලද විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 319.84ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 335.68 ලෙස සටහන් විය.

Read More

ටෙස්ට් තරගයක් හා එක්දින තරග දෙකක් ලෙස මුලින් සැලසුම් කර තිබූ ශ්රීා ලංකා අයර්ලන්ත ක්රිටකට් තරගාවලිය ටෙස්ට් තරග දෙකක් ලෙස වෙනස් කිරීමට දෙපාර්ශ්වයේම එකඟත්වය අනුව කටයුතු කර තිබේ.මෙම තරග ද්විත්වය වෙනුවෙන් ක්රීමඩා කිරීම සඳහා අයර්ලනත කණ්ඩායම අප්රේරල් 9 දා ශ්රීය ලංකාවට පැමිණීමට නියමිතව තිබෙ.

Read More

උද්ධමනය අඩු වුවහොත් අනිවාර්යයෙන්ම බැංකු පොලී අනුපාත පහළ යනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

මේ දිනවල වී වගාවේ අස්වැන්න නෙලීම සඳහා භූතයා නමැති කොළමඩින යන්ත්‍රයට අය කරන මිල ගණන් ප්‍ර දේශයෙන් ප්‍ර දේශයට වෙනස්වීම් නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව ගොවිසංවිධාන චෝදනා කරයි.

Read More

රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි අනෙකුත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිත කිරීමට සුදුසු රජයේ රෝහල් හඳුනාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

Read More

කැබිනට් සංශෝධනයක් පිළිබඳව සාකච්ඡා කිරීමක් සිදු නොවුන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

උපයන විට බදු ගෙවන්නේ රාජ්‍ය සේවයෙන් සමස්ත රාජ්‍ය සේවයකයන්ගෙන් සියයට 10ක පමණ පරිසක් බවත් මෙම බදු පැනවීම රජය කැමැත්තෙන් කළ දෙයක් නොවන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

දඹුල්ල සහ කැප්පටිපොල ආර්ථික මධ්‍යස්ථාන වල එළවළු තොග මිළ මේ දිනවල අඩුවෙන් පැවතියද එම එළවළු ප්‍රවාහනය කර සිල්ලරට අලෙවි කිරිමේදි විශාල පිරිවැයක් දැරීමට සිදු වි ඇති නිසා පාරිභෝගිකයන්ට සිල්ලර මිලට එළනළු අලෙවි කිරිමේදි මිළ අඩුවෙන් අලෙවි කළ නොහැකි බව හැටන් ප්‍රදේශයේ සිල්ලර වෙළදුන් කියා සිටියි.

Read More

මාලදිවයින සම්බන්ධයෙන් තමන් බර්ලිනයේදී කළ ප්‍රකාශයේ සන්දර්භය ඉවත් කොට වැරදි වැටහීමක් ලැබෙන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇතැයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ තෙවන ධුර කාලයේදී චීනය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය වී, දෙරටේම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අනාගතයක් නිර්මාණය වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඒ සඳහා වන විධිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාව තුළ මෙගාවොට් 340 ක සුළං බලාගාර ව්‍යාපෘති ආරම්භ කිරීමට අවසර ලබා දී ඇති ඉන්දීය අදානි සමූහය අනුමත ධාරිතාව මෙගාවොට් 500 දක්වා වැඩි කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇතැයි ද හින්දු පුවත් සේවය වාර්තා කරයි.

Read More

වෘත්තිකයින්ගෙන් අයකරණ අසාධාරණ බදු පිලිබදව අද රාත්‍රි (13) ජනාධිපති ලේකම්වරයා ඇතුළු බලධාරින් සමග පැවැති සාකඡඡාවෙදි නිසි විසදුම් නොලබිම නිසා සැලසුම් කල ආකාරයට වෛද්‍ය වැඩවර්ජනය සිදුකරණ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සදහන් කරයි.

Read More

තෙළිඟු භාෂාවෙන් නිර්මාණය වූ ජනප්‍රිය RRR චිත්‍රපටයේ ’නාටු නාටු’ ගීතය ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු ඉන්දීය චිත්‍රපට ගීතය ලෙස ඉතිහාසයට එක්විය.

Read More

නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය මත කොළඹ ඉදිකිරීම් ආරම්භකොට එහෙත් ඉදිකිරීම් අවසන් කොට නොමැතිව අත්හැර දමා ඇති ගොඩනැගිලි සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සදහා අදාළ පාර්ශව සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියද‍ (10) පාර්ලිමේන්තුවේදී පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව එම නිර්දේශ කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද අමා

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලු පීඨයන්ට ඇතුලත් කරගන්නා නවක සිසුන් මින් ඉදිරියට මානසික වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන බවඑම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසයි .

Read More

අපිට ඕන ප්‍රජාතන්ත්‍රාවාදී රටක්. ලේබලයට විතරක් නෙමෙයි හැමදේටම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕන. ඡන්දයට බිලියන 10ක් පාස් වුණානම් ඇයි ඒක දෙන්න බැරි. ජනතාවට කරන අගෞරවයක්. ජනමතයට කරන පයින් ගැසීමක්.

Read More

2023 පෙබරවාරි මාසයේදී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා ජාත්‍යන්තර සංචාරකයින් 11,926 දෙනෙකුට පහසුකම් සලසා ඇතැයැ එම ගුවන් තොටුපොළ පවසයි. ඒ අනුව ගුවන් තොටුපොළ හරහා පෙබරවාරි මාසයේදී පැමිණීම් 6259ක් හා පිටත්වීම් 5667ත් සිදුකර ඇතැයි ගුවන් තොටුපොළ සිය ෆේස්බුක් ගිණුමෙන් පවසයි.

Read More

පළමු බිත්තර තොගය මේ සතියේදී ආනයනය කිරීමට හැකිවෙනු ඇතැයි වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

ඇමරිකා එක්සත් ජනපදය සහ එහි වැසියන් වෙනුවෙන් සිදුකරන ලද ආගමික හා සමාජීය සේවාව ඇගයීමට ලක්කර, උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ, විහාරාධිපති අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් 2022 වසරේ ’’ LIEFTIME ACHIEVEMENT AWARD ’’ ගෞරව සම්මානය ප්‍රදානය කරන ලදි.

Read More

දරුවෙක්ව ලබා ගැනීමට නොහැකි කෙනෙක් සිටිනවානම් එම දරුවන්නව භාරදීමේ ස්ථාන නිර්මාණය කළ හැකි නම් එය හොඳ දෙයක් බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය.අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කීවාය.

Read More

මේ වන විට වර්ජනයක නිරතව සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, දත්ත වෛද්‍යවරුන්ගේ සංගමය හා තවත් වෘත්තීය සමිති කිහිපයක් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

පාස්කු ප්‍රහාර නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති අභියාචනා විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13දා) දින නියම කළේය.

Read More

රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350 ක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි මැසිඩෝනියානු ජාතිකයෙකු අද (13දා) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.

Read More

උසස් පෙළ විභාගය සාර්ථක ව පවත්වා අවසන් කළ ද උත්තර පත්‍ර පරීක්ෂාව සති දෙකකින් පමා වීම නිසා සාමාන්‍යයෙන් විභාග දෙකක් අතර පැවතිය යුතු මාස තුනක පමණ කාල පරතරය අඩු වීමෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය පවා බොහෝ විට කල් යාමට ඉඩකඩ පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු දෙකක තියුණු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් අවසන් මහ තරගයට පිවිසීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට තිබූ බලාරොත්තුද ඈත්ව ගියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.