රට පුරා දූෂණය, වංචාව, හොරකම සහ නාස්තිය ක්‍රියාත්මක වන බවත් බංකොලොත් රටෙත් දුෂිත ගනුදෙනු හරහා සුන්නත්දූලි කරන ව්‍යපෘති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සෙවනැල්ලේ සරණේ සිට ක්‍රියාත්මක කරන බවත් රට ඩිජිටල්කරණය වීම තුළ මෙකී දූෂණය වංචාවට තිත තැබිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමහර නායකයෝ රැස්වීම්වලට ෆයිල් උත්සන් ඇවිත් දුෂිත ගනුදෙනු ගැන කියා බලයට පැමිණි විට දඩුවම් දෙන බව කිව්වත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට මේ රට බංකොලොත් කළ රාජපක්ෂ පවුල් පැලැන්තිය අධිකරණයට ගෙනවිත් ඔවුන් රට බංකොලොත් කරමින් මුලික අයිතිවාසිකම් උල්ලංඝනයා කළා කියන තීන්දුව ලබා ගැනීමට හැකි වු බවත් මේ සියල්ල සිදු කළේ බලය ලබා ගැනීමට පෙර බවත් සමගි ජන බලවේගය ෆයිල් පෙන්වා බොරු සංදර්ශන ක්‍රියාත්මක නොකරන බැවින් මේ බොරුවට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
අවංකවම පිරිසුදුව සමගි ජන බලවේගයට හොරු සමඟ ඩීල් නොමැති බවත් හොරු අල්ලන වැඩේ සමගි ජන බලවේගය ආරම්භ කර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හරහා රට බංකොලොත් කළ පිරිස අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් මේ වන විට නගරයක් නගරයක් ගමක් ගමක් පාසා මහජනතාවගේ අත්සන ලබා ගෙන පෙත්සමක් අත්සන් කරමින් යන බවත් ඒ පෙත්සම තුළින් රට බංකොලොත් කළ ලක්ෂ 220කගේම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ සියලු දෙනාටම විරුද්ධව ජනාධිපති කොමිසමක් පත් කර ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ වගකීම සමගි ජන බලවේගය ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ නඩු තීන්දුව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරද්දි එම පවුල් පාලනයට පක්ෂපාතීව කටයුතු කළ පිරිස විවිධ අභියෝග කරමින් ඉදිරියට පැමිණ තමා අත තිබූ ෆයිල් පවා උදුරා ගත් බවත් ඔවුන්ට තමාගේ ජීවිතය උදුරා ගත්තත් මේ හොර පවුල් සංහතිය නීතිය හමුවට ගෙන ඒම නැවැත්විය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (3) මිනුවන්ගොඩ නගරයේ දී පැවැති මිනුවන්ගොඩ ජනපවුර නියෝජිත සම්මේලනය අමතමිනි.*
තමා දූෂණයට විරුද්ධව කටයුතු කරන විට ඩීල් දාපු පිරිස බිය වී ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් හි දූෂණයට එරෙහිව ගෙන ගිය සටන ඉදිරියට ගෙන යන බවත් ක්‍රිකට් තුළින් අප රටට ගලා එන සම්පත් හොරා කෑමට ඉඩ ලබා නොදෙන බවත් සමගි ජන බලවේග රජයක් තුළ ක්‍රිකට් ඇතුළු සියලු ක්‍රීඩා ක්ෂේත්‍ර පිරිසුදු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
එසේම තමා පාර්ලිමේන්තුවේ කිසිදු දිනක කාලය නොකෑ බවත් තමා පාර්ලිමේන්තුවේ දී මව්වරු ජනතාව දරුවන් පුරවැසියන් රාජ්‍ය සේවයකයන් ඇතුලු ලක්ෂ 220ම වෙනුවෙන් පෙනී සිට ඔවුන්ගේ දුක කදුලු වේදනා මැති සබයේ එළි දක්වා ජනතාව සහන සැලසිය යුතු බව පැවසුවත් එය කාලය කා දැමීමක් යැයි තමාගේ කටවල් වහන්න පෙත්සම් අත්සන් කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සජිත් ප්‍රේමදාසට පාර්ලිමේන්තුව සති කිහිපයට තහනම් කරන්න යෝජනා ගෙන ආවත් එය මේ වන විට අතුරුදන් වී ඇති බවත් කුමන හෝ යෝජනාවක් ගෙනවිත් පාර්ලිමේන්තුවේ කට වැහුවොත් පාරට බැස ජනතාව ඉදිරියේ හඬ නගන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.