හොරෙන් ඉතාලි යන්න ගිහින් කටුනායකින් ආපසු හැරෙයි
කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර යොදා ගනිමින් කටාර් රාජ්‍යයේ දෝහා ඔස්සේ ඉතාලිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු සහ තරුණියක 12/03 දින අලුයම කටුනායක ගුවන් පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දෙදෙනා නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර තරුණයා 35 හැවිරිදිය . තරුණිය 25 හැවිරිදිය.
ඔවුන් දෙදෙනා 12/03 දින අලුයම 03.25 ට දෝහා බලා පිටත්ව යාමට නියමිතව තිබූ කටාර් ගුවන් සේවයේ කිව්.
ආර්.- 659 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .
එහිදී සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සදහා කටාර් ගුවන් සේවා නිලධාරීන් වෙත ඉදිරිපත් කර තිබූ ඉතාලි වීසා බලපත්‍ර දෙක පිළිබඳ සැක සිතූ එම නිලධාරීන් , මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .
එහිදී සිදු කළ විමර්ශන වලදී මෙම වීසා බලපත්‍ර දෙක කූඨ ලෙස සකස් කළ ඒවා බවට අනාවරණය වී තිබේ .
මේ පිළිබඳව මොවුන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී තමන් තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ 40 බැගින් රුපියල් ලක්ෂ 80 ක් ලබා දී මෙම වීසා බලපත්‍ර දෙක සකස් කර ගත් බවත් , ඔහු තමන්ව කටුනායක ගුවන් තොටුපොළ තෙක් රැගෙන විත් ඇරලවූ බවත් මොවුන් දෙදෙනා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබුණි .
ඒ අනුව එම නිලධාරීන් විසින් මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

