විනයගරුක රියදුරන් ඇතිකිරීම සහ රිය අනතුරු අවම කිරීම සඳහා කඩිනමින් රියදුරු බලපත්‍ර අනුව ක්ෂය වීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා 02 දින පස්වරුවේ දඹුල්ලේ දී පැවසීය මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්න දෙකකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
බලන පොලිස් පති ධුරයට පත්වීමෙන් අනතුරුව ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට පැමිණි දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී විෂ්ණු දේවාලයේ පූජාවකට සහභාගිවී අනතුරුව රංගිරි දඹුලු රජමහ විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන් බැහැ දැකීම සඳහා පැමිණි අවස්ථාවේ නව වැඩ බලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී මහ සඟරුවන වැඩබලන පොලිස්පති වරයාට කියා සිටියේ ඓතිහාසික රංගිරි දඹුලු පුදබිමට පැමිණීම විශාල භාග්‍යයක් බවත් වසර ගණනාවක අත්දැකීම් ඇති නව පොලිස්පතිවරයකු ලෙස පත් කිරීම සම්බන්ධයෙන් මහ සඟරුවනේ ප්‍රසාදය පළ කරන බව ද අඹගස්වැව රාහුල නාහිමියෝ පැවසූහ.
එමෙන්ම වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මහ සඟරුවන හමුවේ කියා සිටියේ වර්තමාන කාල පරිච්ඡේදය සාමාන්‍ය කාලයක් නොව ලොව පුරාම දිනෙන් දින ආගමික ත්‍රස්තවාදය හිස ඔසවන මොහොතක් මෙන්ම අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වන මොහොතක් බවය.
නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව එළියට පැමිණෙන අවස්ථාවේ වැඩ බලන පොලිස්පතිවරයාගෙන් මාධ්‍යවේදීන් කරුණු දෙකක් විමසීමක් කරන්න විය.
පළමු ප්රශ්නය වූයේ පොලිස් විතාරක්ෂක කොට්ඨාසයක් ක්‍රියාත්මක වෙද්දී දිනෙන් දින දියේ ගිලී ජීවිත රැසක් අහිමිවන නිසා ඊට නව ක්‍රමවේදයක් තිබේ ද යන්නය. අනෙක් ප්රශ්නය වූයේ මෙරට විනීත රියදුරන් නොමැතිවීම රටේ බරපතළ ප්‍රශ්නයක් බවය.
ඊට පිළිතුරු දුන් වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේ රථවාහන අනතුරු වලින් විශාල වශයෙන් ජීවිත රැසක් අහිමි වන බව ය. බොහෝ ජීවිත බීමත්ව රිය පැදවීම්ට වඩා අපරික්ෂාකාරී රිය ධාවනය නිසා මෙය සිදුවන බවද පෙන්වාදුන්නේය.
කෙසේ වෙතත් රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා රියදුරු පුහුණු පාසල් වලින් හික්මීමක් ඇති රියදුරන් දායාද කිරීම වගකීම්ක් බවද පෙන්වා දුන්නේය.
ඉදිරියේදී රථවාහන වැරදි කරන මෙන්ම පදිකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද රට පුරා ක්‍රියාත්මක කරන බවත් පැවසූ හෙතෙම කියා සිටියේ දැනටමත් සිදු කරන වැරදි අනුව රියදුරන් සතුව ඇති රියදුරු බලපත්‍රය වැරිදි අනුව ක්‍රමක් ක්‍රමයෙන් අහෝසි වීමේ ක්‍රමවේද ක්‍රියාවලිය අවසන් අදියරේ පසුවන බවය .
ඉතා ඉක්මනින් වැරදි සිදු කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍ර අහෝසිවන නිතිය ක්‍රියාත්මක කිරීම්ට යන බව ද පොලිස්පතිවරයා තවදුරටත් පැවසීය.
දියේ ගිලි අහිමි වන ජිවිත ආරක්ෂා කිරීම සදහා අවශ්‍ය පළාත් අනුව නව ක්‍රම වේදයක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව පැවසිය