කල්මුණ ඉස්ලාම්බාද්හි පිහිටි ළමා ආරක්ෂන නිවස්නයක රඳවා සිටි ළමයෙක් එහි පාලිකාවකගේ පහරකෑමට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
පසුගිය (30දා) උදෑසන කාලයේදී එම ළමා නිවස්නයේ රඳවා සිටි ළමයෙකු සිහිසුන්ව වැටී සිටින බවට ළමා නිවාසයේ භාරකරු කල්මුණ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර තිබේ.
ඒ අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර අම්පාර රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම 17 හැවැරිදි දරුවා පහරකෑමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට නිගමනය කර තිබේ.
මෙම ළමයා පසුගිය මස 17 දා සිට එම ළමා ආරක්ෂණ නිවාසයේ රඳවා සිට තිබේ.
මෙම ළමයාට අදාළ ළමා ආරක්ෂණ නිවාසයේ පාලිකාවක් විසින් පහරදිමක් සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වි ඇති අතර සැකකාරිය කල්මුණ පොලිස් ස්ථානයට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ