saravita-anim2

2025 ජුලි මස 21 වන සඳුදා

2025 ජුලි මස 21 වන සඳුදා

Latest News - timelapse 3756 hours ago

LATEST

අලවතුගොඩ තරුණිය ඝාතනය කළ හැටි හෙළිවෙයි

calendar_today 2023 මාර් 13 - 11:59 remove_red_eye - 4360  

අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් විලාන පල්ලේගම ඇල්ලේකඩේ ප්‍රදේශයේදී 26 හැවිරිදි තරුණ කාන්තාවගේ ඝාතනය ගෙළ හිර කිරීමෙන් සිදු කළ මරණයක් බව ඒ සම්බන්යෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට අදාළව අධිකරණයේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව වරෙන්තුවක් නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

Read More

බදුල්ල ස්ප්‍රිංවැලි වත්තේ නහවිල කොටස් පදිංචිව සිටි 16 හැවිරිදි පාසැල් ශිෂ්‍ය යෙක් දින 26 ක් තිස්සෙ අතුරුදන්ව ඇතැයි දෙමාපියන් පවසති. ඔහුගේ පියා විසින් මේ පිළිබදව බදුල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.

Read More

ශ්‍රී ලංකා- චීන ආර්ථික , අධ්‍යාපන සහ සංස්කෘතික සංගමය ස්ථාපනය කෙරේ. බෙයිජිං අගනුවර තානාපති කාර්යාලයේ දී එහි සමාරම්භක හමුව පසුගියදා (11) පැවැත්විණ.

Read More

විදෙස් සංචාරයක් සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙතට පැමිණි හිටපු අමාත්‍ය මහින්දානන්ද මහතාට විදෙස් ගමන් තහනමක් පවතින බවට සඳහන්වීමෙන් ඔහුව කටුනායකින් ආපසු හරවා යාමේ සිදුවීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකගේ රාජකාරී අත්හිටුවා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මානවඩුගේ අසංක නොහොත් පරිප්පුවා නැමැත්තා ඉලක්ක කරගෙන වැල්ලම්පිටිය කොටුවීල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.

Read More

’’පක්ෂයක් ලෙස විවේචන භාරගන්න අපි නිතර සූදානම්.නමුත් මඩගහන එකට අපි විරුද්ධයි.ඔප්පුකිරීමට නොහැකි දේවල් ප්‍රකාශකරමින් ජනතාව මුලාකිරීමට විපක්ෂය කටයුතු කරමින් සිටිනවා.ගමේ මිනිස්සු හැමදාම සිටියේ අප සමඟයි.කිසිවිටෙක ඔවුන් අප හැරදමා නොයන බවට දැඩිවිශ්වාසයක් තිබෙනවා.ඉදිරි මැතිවරණ වලදී නගරයේත් ගමේත් සියලුම ජනතාව ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීමට පියවරගන්නා බව සක්සුදක්සේ පැහැදිලි’’

Read More

නිල හිස් වැසුම් අතේ රඳවා ගෙන යාම සහ ආචාර නොකිරීමේ සිද්ධියක් මුල් කරගෙන පොලිස් කොස්තාපල්වරියන් සිව් දෙනකුට දෙනෝ දහසක් දෙනා බලා සිටියදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පානදුර නගර මධ්‍යයේදී බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නිලධාරියාට එරෙහිව විමර්ශනය පැවැත්වෙන්නේ ද? යන්න සොයා බලා පවසන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසිය.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය අප්‍රේල් මාසයේදී ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය. ගම්පහ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය.

Read More

චීනයේ ප්‍රධානම සමාගම් ද්විත්වයක් වන සිනෝපෙක් සමාගමේ හා චයිනා මර්චන්ට් සමාගමේ නියෝජිතයන් පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටියි.

Read More

ගැටුමක් හේතුවෙන් තුවාල ලබා පලා යමින් සිටි පුද්ගලයකු ගමන් කරමින් සිටි කාර් රථයක් ජා-ඇල නගර මධ්‍යයේ දී අනතුරකට ලක් වීමෙන් පසු රථය පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී පකිස්ථානයේ නිශ්පාදිත එම්. පි 5 වර්ගයේ රන් ආලේපිත ගිනි අවියක් සොයා ගත් බව ජා-ඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් බාලසූරිය මහතා ප්‍රකාශ කළහ.

Read More

පොල්ගස්ඕවිට හල්පිට බැංකු නිලධාරිනියකගේ නිවසේ මෙහෙකාර සේවයට ගොස් රුපියල් ලක්ෂ 12ක රන් භාණ්ඩ සොරා ගත් කාන්තාව සහ ඒවා උකස් කළ බව කියන සැකකාරියගේ දියණියන් දෙදෙනා සහ පුතා අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

Read More

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS CHARLESTON (LCS - 18)’ යුද නෞකාව, 2023 මාර්තු මස 11 වන දින උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

රුපියල් බිලියන 300 ක වාර්තා ගත බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ සතියේදී සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකව සූදානම් වෙයි. රජයේ එදිනෙදා වියදම් පියවා ගැනීම මෙන්ම අඩු බදු ආදායම් හේතුවෙන් මෙම වෙන්දේසිය සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ පැවති මූල්ය අර්බුදය හේතුවෙන් ප්ර මාද වී ඇති නව සබදතා 36000 ක් පමණ සති 6ක කාලයක් තුළ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව විදුලිබල සහ බලශක්ති අමාත්ය ගරු කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ පැවති අමාත්යාං ශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

Read More

මිනගයා රාත්‍රී දුම්රිය වැසිකිළිය තුළදී බිළිඳු දරුවා දමා ගිය කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

Read More

මෙම ඓතිහාසික අවබෝධතාවට අත්සන් තැබීම චීනයේ බීජිං නුවරදී සිදුව ඇති අතර, ඉදිරියේදී දෙරටේම විදේශ අමාත්‍යවරුන් හමුවී වැඩිදුර සාකච්ඡා කිරීමටද මේ යටතේ නියමිතව තිබේ.

Read More

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කන්දේ නිධන් හාරමින් සිටි බව කියන චීවරධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

විදෙස් ගත ශ්‍රමිකයන් පසුගිය පෙබරවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු් ඩොලර් මිලියන 407.4ක ප්‍රේෂණ යොමුකර ඇතැයි විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

Read More

මධ්‍යම පළාතේ පාසල් සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් තෙවන වාරයේ විභාගයේ විෂයන්ට අදාළව සකස් කරන ලද විභාග ප්‍රශ්න පත්තර පිළිතුරු පත්‍ර ද සමඟ කල්තියා පිටවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස මහතාගේඋපදෙස් පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

Read More

රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා අතිරේක දීමනාවක් මේ වසරේ සිව්වන කාර්තුවේදී ලබාදීමට රජය සලකා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ආර්ථික තත්ත්වය තක්සේරු කිරීමෙන් පසු මෙම මුදල් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Read More

වැල්ලවාය සහ මට්ටක්කුලිය මහේස්ත්‍රාත් අධිකරණ වල විභාග වන නඩුවලට සහභාගී නොවී උසාවිය මඟහරිමින් සිටි අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු සහ ඔහුගේ උදව්කරු වැල්ලවාය පොලීසිය මඟින් ඉකුත් (10) වෙනිදා අත්අඩංගුවටගෙන ඇත.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 285ක ඉලක්කයක් හඹා යමින් සිටින සත්කාරක නවසිලන්ත කණ්ඩායම සිවුවැනි දිනයට තරගය නිමා කරන විට නවසීලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් රැස්කරගෙන සිටියි.

Read More

වී මිල තීරණය කිරීමේ කමිටුව සඳහා ගොවි නියෝජිතයින් තිදෙනෙකු ඇතුළත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

Read More

නරක් වු බවට සැක කරන බිත්තර ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මහකුඹුක්කඩවල වල්පාළුවට ගෙනවිත් දමා තිබියදි හමුවු බව පාරිභෝගික අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

Read More

මෙවර යල කන්නයේ දී යුරියා පොහොර මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

බගවන්තලාව ප්‍රදේශයට (11) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ග අතුරු මාර්ග සහ පහත්බිම් රැසක් ජලයෙන් යට වි තිබුණි.

Read More

අලවතුගොඩ ඇල්ලේකඩේ ප්‍රදෙශයේ පදිංචි 26 හැවිරිදි තරුණ කාන්තාවක් ඝාතනය කර වෙල් යායක මඩ ගොහොරුවක එබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිල සුනඛයෙකුගේ සහායෙන් එක් පුද්ගලයෙකු සැක පිට අද (12දා) අලුයම අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය කියයි.

Read More

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී සිය දිවියේ 14 වැනි ටෙස්ට් ශතකය රැස්කරමින් නවසීලන්තයට එරෙහිව විශිෂ්ඨ සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 115කට දැවී ගියේය.

Read More

අම්බලන්තොට රිදියගම 09 කණුව ප්‍රදේශයේදී යතුරු පැදියක් පාරෙන් ඉවතට පැන සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.