බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු හා වයඹ පළාත් සඳහා තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.
අද පෙරවරු 11.30 සිට හෙට පෙරවරු 11.30 තෙක් වලංගු වන අයුරින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍ර දේශයේ පවතින මිජවුම් සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍ර දේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව ඉහත සඳහන් කළ ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
