saravita-anim2

2025 ජුලි මස 21 වන සඳුදා

2025 ජුලි මස 21 වන සඳුදා

Latest News - timelapse 3736 hours ago

LATEST

ජේ.සී. රංගා අත්අඩංගුවට

calendar_today 2023 මාර් 17 - 23:21 remove_red_eye - 798  

රිය අනතුරක් කොට ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් සැරයන්වරයකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙනන් පවරා ඇති නඩු විභාගයට ඉදිරිපත් නොවු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රිරංගා මහතා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී කොහුවල පොලිසියේ නිලධාරීන් විසින් අද (17) අත්අඩංගුවට ගන්නා ලදී.

ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල ඉතිහාසයේ ‍ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය මාර්තු 23 වන දින සිට දිවයින පුරා සිනමාශාලාවලදී ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබේ.

Read More

පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2023 ජනවාරි මාසයට අදාළ පෝෂණ මුදල් වශයෙන් රුපියල් මිලියන 814 ඉක්මවූ අත්තිකාරම් මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවලට මුදා හැර ඇත.

Read More

ජල සම්පාදන සේවකයින් මාර්තු 13 වනදා සිට ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වලින් ඉල්ලා සිටි ඉල්ලීම් කිසිවකට පිළිගත හැකි ප්‍රතිචාර බලධාරීන්ගෙන් නොලැබීම නිසා එම වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට තීරණය කළ බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංධානය පවසයි.

Read More

2023 පෙබරවාරි මාසයට අදාළව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ගණනය කරන ලද මත විමසීම අනුව මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජනබලවේගය පැහැදිවම ඉදිරියෙන් පසුව බව ඔවුන්ගේ දත්ත සටහන්වලින් පෙනෙන්ට තිබේ.

Read More

පළාත් පාලන ආයතන නිළ කාලය ලබන 19 දිනෙන් අවසන් වන බැවින් එදින නිවාඩු දිනයක් වු නිසා නිළ කාර්යාලය,වාහනය ඇතුලු සියලුම බඩු බාහිරාදිය නාගරික කොමසාරිස්වරයාට භාරදී පස් වසරක ධුර කාලය නිමා කරමින් බණ්ඩාරවෙළ මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා අද (17දා) දින ධුරයෙන් නික්ම ගියේය.

Read More

රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්වීම පිළිබඳව නිල වශයෙන් තීන්දු තීරණ ගැනීමේ සාකච්ඡාවක් හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පත්තඩුවන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක නැදගමුවේ විජය මෛත්රී අනුනාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

නවසීලන්තය සමගින් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා නවක ක්‍රීඩක නිෂාන් මධුශංක කණ්ඩායමට කැඳවීමට කටයුතු කර තිබේ. ඒ් පළමු තරගයේදී අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල වෙනුවටය.

Read More

කටුනායක, ආඩිඅම්බලම, සරණතිස්සගම ප්‍රදේශ බිය වද්දමින් පොලීසියට කට්ටි පනිමින් සිටි සොරකම් ,කොල්ලකෑම් සිදු කරමින් වරෙන්තු ලබා සිටි ’’ නදී ’’නැමැත්තා කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 03/16 දින රාත්‍රී අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

ඇල්පිටිය පොලිස් වසමට අයත් පහළඕමත්ත ප්‍රදේශයේ නිවසක විසූ කාන්තාවන් දෙදෙනෙකු අභිරහස් ලෙස මරාදැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (16)රාත්‍රී අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.

Read More

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන විත් රහස් පොලිසිය බාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා නමැති තම පුත‍්‍රයාගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නැයි ඔහුගේ පියා රිට් පෙත්සමක් ඉදිරිපත් කරමින් අභියාචනාධිකරණයෙන් අද (16) ඉල්ලා සිටියේය.

Read More

එළඹෙන අයි.පී.එල්. ක්‍රිකට් තරගවාරයේදී දිල්ලි කණ්ඩායමේ නායකත්වය ඩේවිඩ් වෝනර් ට හිමිවී ඇත. ඒ මේ වන විට ක්‍රිකට් පිටියෙන් තාවකාලිකව ඉවත්වී සිටින රිෂාබ් පාන්ට් වෙනුවටයි.

Read More

හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතනය ඩුබායි රටේ සිට මෙහෙය වූ ප්‍රධාන සැලසුම්කරු ලෙස හඳුනාගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කන්නන්ගරගේ ලලිත් කන්නන්ගර නැමැත්තා ජත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර විවෘත වරෙන්තුවක් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

Read More

ක්‍රිකට් ක්‍රීඩාවේ අති දැවැත්තම ප්‍රේක්‍ෂක බලකාය සිටිනේ දකුණු ආසියානු කලාපයේය. එහි අවිවාදයක් නැහැ.

Read More

පාර්ලිමේන්තුව මාර්තු 21 වැනිදා සිට 24 වැනිදා දක්වා රැස්වීමට අද (16) පස්වරුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව වැඩබලන පාර්ලිමේන්තුවේ මහලේකම් ටිකිරි කේ ජයතිලක මහතා පැවසීය.

Read More

මහාධිකරණ, දිසා අධිකරණ සහ මහෙස්ත‍්‍රාත්වරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ධ අඩු කරගැනීමට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය ක‍්‍රියාතත්මක කිරීම වළක්වාලන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (16දා) තීරණය කළේය.

Read More

2023 වසර තුළදී ශ්‍රි ලාංකිකයින් 6500ක පිරිසක් සඳහා දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුකිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අපේක්ෂා කරයි.

Read More

දෙහිවල ප්‍රදේශයේ වයස අවුරුදු 14ක තම දියණිය බරපතල දූෂණයට ලක්කල පියෙකු ඉකුත් ඊයේ (15දා) දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

Read More

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකළ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ස්වීඩන සුපිරි පාපන්දු ක්‍රීඩක ස්ලාටන් ඊබ්‍රාහිමෝවිච් එරට ජාතික සංචිතයට නැවතත් කැඳවා ඇත. ඒ මෙම වසරේ පැවැත්වෙන යුරෝපානු කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියටයි.

Read More

කළුතර ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

වැඩ වර්ජන ආදිය නිසා දිගින් දිගටම ගැටළු මතු වුවහොත් සිය ව්‍යාපාරික කටයුතු වලට බලපෑම් එල්ල විය හැකි බැවින් කණගාටුවෙන් වුවද තම ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කර ගැනීමට සිදුවනු ඇතැයි ව්‍යාපාරිකයන් මෙලෙස ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

Read More

සේවය නිමවා නිවසට යමින් සිටී 18 හැවිරිදි තරුණියක නිවසට ඇරලවීමට යැයි පවසා ලොරි රථයක නංවාගෙන ගෙලට කිනිස්සක් තබා ලොරි රථය තුලදීම සමූහ දූෂණයක් කළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

Read More

වගා කන්න 03කට පසු පළමු වරට මෙරට ගොවි ජනතාවට වී වගාවට අවශ්‍ය මඩ පොරොහ හෙවත් TSP පොහොර රැගත් MV INCE PACIFIC නෞකාව අද (16) අළුයම කොළඹ වරායට පැමිණ තිබේ.

Read More

සාමාන්‍ය විකිරණ යන්ත්‍ර මගින් සිදුකරන එක්ස්-රේ පරීක්‍ෂාවට අදාළ දළ සේයාපටල සේදීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය දෙකම මේ වනවිට හිඟ වී ඇති බවත්, පවතින තත්ත්වය තුළ බොහෝ රෝහල්වල මෙම පරීක්‍ෂණ කටයුතු ඇණහිට තිබෙන බවත් රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට අද පෙරවරුවේ (15) අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය නිරත ව තිබේ.

Read More

පිළියන්දල සුවාරපොල නිවසක් තුළ සැකකටයුතු අයුරින් මියගොස් තිබූ කාන්තාවකගේ මළ සිරුරක් පෙරේදා සවස හමුවූ බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි.

Read More

ඉන්දියාවේ ප්‍රධාන නගරවලින් පැමිණෙන දුරගමන් ශීඝ්‍රගාමී දුම්රිය සාංචි හි නතරකර ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ ගමන් බිමන් පහසුකරන ලෙස සාංචි විහාරවාසී භික්ෂූන් වහන්සේලා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාගෙන් ඉල්ලීමක් කරයි.

Read More

මැලේසියානු රජය මෙරටට අනුමත කළ රැකියා දසදහසක කෝටාවට අමතර ව මෙරට ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා අතිරේක රැකියා දසදහසක කෝටාවක් වෙන් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (14) ප්‍රකාශ කළේ ය.

Read More

දිවයිනේ බොහෝ ප්‍ර දේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.