අවුකන රාජමහා විහාරයේ වාර්ෂික කඨින පිංකමට සමගාමීව අවුකන බුද්ධ ප්‍රතිමාවට පැය කිහිපයකට සිවුරක් පැළඳවා පූජා පැවැත්වීමට කටයුතු කළ බව අවුකන රාජමහා විහාරාධිපති හිමියෝ ප්‍රකාශ කරති.
සමාජයේ මහත් කථා බහට ලක්වූ මෙම සිදුවීම සම්බන්ධයේන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
තමන් වහන්සේගේ අනුදැනුම මත සිදුවූ මෙම පූජාව කිසිම ආකාරයකින් බුදු පිළිමයට හෝ අනෙක් පුරාවිද්‍යා ස්මාරකවලට හානියක් කිරීමේ අරමුණින් සිදු නොකළ බවත් උන්වහන්සේ ප්‍රකාශ කර ති.
ඒසේම කඨින පූජාව වෙනුවෙන් සිවුරක් පැළඳවීම පිළිබඳව කල්වේලා ඇතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට නොහැකි වූ බවත් මෙය අනවබෝධයෙන් සිදුවූ කටයුත්තක් බවත් උන්වහන්සේ ප්‍රකාශ කරති.
සිවුර පැළඳවීම හේතුවෙන් අවුකන බුද්ධ ප්‍රතිමාවට හෝ පුරාවිද්‍යා ස්මාරකවලට හානියක් සිදුව නොමැති බවත් මින් ඉදිරියට මෙවැනි දෑ සිදුවන්නේ නම් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්ගේ පූර්ව අනුමැතිය අවශය බවත් එසේ නොවුණහොත් නීති මගින් කටයුතු කරන බවත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.