මේ වසරේ පළමු මාස 06 ක කාලය තුලදි පොලිස් පරික්ෂකවරයෙක් උපපොලිස්පරීක්ෂකවරයෙක් සැරයන්වරුන් 06 ක් කොස්තාපල්වරුන් 02 ක් ඇතුළුව පොලිස් නිලධාරින් 10 ක් අල්ලස් කොමිෂම විසින් අත්අඩංගුවට ගෙන තිබේ
ඉකුත් 22දා උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබූ පහ වසර ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයේ අනුරාධපුර අධ්‍යාපන කලාපය තුළ පාසල් දරුවන්ට බෙදා දුන් ප්‍රශ්න පත්තරවල අසභ්‍ය වචන මුද්‍රණය වී ඇති බවට වාර්තා වීම සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත කඩිනමින් පරීක්ෂණයක් පවත්වන බව උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම් සමන්ත කුමාර ජයලත් මහතා පැවසීය.
Read Moreලියාපදිංචි කිරීමේ රෙගුලාසිය අවභාවිත කරමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල කල්ලි සාමාජිකයකු බව කියන දැනට ඩුබායි රටේ සිටින කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට ව්‍යාජ උප්පැන්න සහතිකයක් නිකුත් කළැයි කියන සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක රෙජිස්ටාර් රුවිනි වාසනා සැකකාරිය ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (24දා) නියෝග කළාය.
Read Moreපොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය ලබන අගෝස්තු 5 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
Read Moreමෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ජූනි 30 වැනිදා දක්වා මහරගම අපේක්ෂා රෝහලේ නව රෝගීන් 6,700ක් ලියාපදිංචි වී ඇති බවත්, එමෙන්ම එම කාලය තුළ රෝහලේ වාට්ටු වලට රෝගීන් 36,000ක් ඇතුලත්වී ඇති බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
Read Moreතරග කාලසටහන පහත පරිදි වෙයි සැප්තැම්බර් 15 පළමු විස්සයි 20 තරගය සවුත්හැම්ප්ටන් සැප්තැම්බර් 17 දෙවැනි විස්සයි 20 තරගය කාඩිෆ් සැප්තැම්බර් 19 තෙවැනි විස්සයි 20 තරගය මැන්චෙස්ටර් සැප්තැම්බර් 22 පළමු එක්දින තරගය ඩර්හැම් සැප්තැම්බර් 24 දෙවැනි එක්දින තරගය ලිඩ්ස් සැප්තැම්බර් 27 තෙවැනි තෙවැනි තරගය ලන්ඩන්
Read Moreව්‍යාජ දත්ත ඇතුළත්කර ලියාපදිංචි කරන ලද ජීප් රථ ගණුදෙනුවකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළව අධිකරණයට භාර වූ මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා වන ධනුෂ්ක වීරක්කොඩි ලබන පළමුවැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreමහනුවර මහ නගර සභාවේ මහජන නියෝජිතයන් සඳහා ලබා දෙනු ලැබූ දුරකථන ගාස්තු දීමනාව අවලංගු කිරීමට සභාවේ එකඟතාවය ලැබී තිබේ.
Read More‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා මුහුදු වෙරළේදී ගිනි ගැනීමෙන් ධීවරයින්ට සහ පරිසරයට සිදු වූ හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදලක් ගෙවීමට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මව් සමාගමට නියෝග කළ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සිද්ධියෙන් සමුද්‍රිය පරිසර පද්ධතියට හා ධීවර ප්‍රජාවට සිදුවූ හානියට එවකට විෂය භාරව කටයුතු කළ අමාත්‍යවරයා, සමුද්‍රිය පරිසර සංරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිවරිය සහ නීතිපතිවරයා රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇත
Read Moreවර්තමානය වන විට උපකාරක පංති අලුයම 4ට ආරම්භ කරන තැනට පත්ව ඇති බවත් පාසල් ආරම්භ වන්නේ උපකාරක පංති අවසන් වීමෙන් පසුව බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreශ්‍රි ලාංකික ශ්‍රමික ප්‍රජාවට ඉහල වැටුප් හා ගුණාත්මක රැකියා ලබාදීම සඳහා සිදුකරන වැඩපිළිවෙලට එකගතාවය පළකිරීමෙන් දකුණු කොරියාවේ රැකියා අවස්ථා රැසක් මේ වන විට ලැබෙමින් පවතී. ඒ අනුව එරට සෘතුමය රැකියා කාණ්ඩ (E-8) යටතේ රැකියා මෙරටට ලබාගැනීමට කොරියාවේ බෝසොං පළාත් පාලන ආයතනය සමග පැවති සාකච්ඡා සාර්ථක වී ඇති අතර, ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
Read Moreපොළොන්නරුව මාදුරුඔය ඉසඩ්.ඩී. ප්‍රධාන ඇළට 24 අලුයම පිඹුරත්තෑව ප්‍රදේශයෙන් වැටි සිටි වන අලියෙකු ජලයේ සැඩ පහරට කිලෝමීටර් 20 පමණ දුරට ගසාගෙන යෑමෙන් අනතුරුව පැය 11 ක මෙහෙයුමකින් පසු පිඹුරත්තෑව වනජීවී නිලධාරීන් විසින් අරලගංවිල මැදගම ප්‍රදේශයෙන් ගොඩට ගෙන එම අලියා වෙහෙරගම රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කළහ.
Read Moreඅමු මිරිස් කිලෝවක් රුපියල් 250 ත් 300 ත් අතර මිළකට පහත වැටී ඇති බවද සෙනෙවිරත්න මහතා පැවසීය. බණ්ඩක්කා කිලෝවක් රුපියල් 50 ත් 60 ත් අතර මිලකටත්, තක්කාලි රුපියල් 70 ත් 80 ත් අතර මිළකටත්, වට්ටක්කා කිලෝවක් රුපියල් 50 ත් 60 ත් අතර මිලකටත්, මෑ කරල් රුපියල් 60 ත් 70 ත් අතර මිළකටත් පහත බැස ඇති බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති. මේ හේතුවෙන් සැලකිය යුතු එලවලු තොගද දෛනිකව ඉවත දැමෙන බව ඔවුහු පෙන්වා දෙති.
Read More2023 වර්ෂයේ පසුගිය රජය සමයේ මිහින්තලේ රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වල නිරතව සිටියදී ඉවත් කෙරුණු සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් අද (24දා) යළි මිහින්තලය රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා කැඳවනු ලැබූහ.
Read More05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ක්‍රමිකව විකාශනය වීමට හැර 2029 වන විට ශිෂ්‍යත්ව විභාගය ගැන තීරණයක් ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තුවේ අද (24දා) පැවති සභාව කල් තැබීමේ විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
Read Moreඅධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගෙන සිටින හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට දඬුවම් නියම කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල්තබා තිබේ.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ සභාගර්භයට පැමිණියේ.
Read Moreමාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ, නාඋල, පල්ලේපොල, යටවත්ත කොට්ඨාසවල ගම්මාන රැසක ජන ජීවිත දේපොලව හා වගාවන්ට තර්ජනයක්ව එම ප්‍රදේශයන්හි සැරිසරණ වන අලි රංචු රක්ෂිත වෙත පළවා හරීම සදහා වූ දින 10 ක විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් අද (24) දින ආරම්භ කර තිබේ.
Read Moreහෙළයේ මහා ආගමික සංස්කෘතික මංගල්‍යය වශයෙන් සැලකෙන කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ ආරම්භය සනිටුහන් කරමින් සිදු කරන ප්‍රථම චාරිත්‍රය වශයෙන් සැලකෙන සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යයට අවශ්‍ය කප කැපීමේ පුරාණ චාරිත්‍රය අද අලුයම 4.32 ට යෙදුණ සුබ මුහුර්තියෙන් අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයේදී සිදු කෙරුණි.
Read Moreකොළඹ ජාතික රෝහලට පසුගිය වසර තුනක කාලයක් තුළදි ප්‍රතික්‍රියක මිලදීගැනිමේදි සිදුව තිබෙන වංචනික ක්‍රියා පිලිබදව ඊයේ (23) අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව පැමිණිලි කළ බව.වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිතිය සදහන් කරයි
Read Moreශිෂ්‍යත්වය අහෝසිකිරිමට නම් නම් පාසල් අතර තියෙන විෂමතාවය නැති කළ යුතු බවත් එය එකවර කිරිමට හැකි දෙයක් නොවන බවද පවසා සිටියාය.
Read More’මනාප’ ලබා ගැනීමේ අරමුණින් වනාන්තර ප්‍රදේශ ජනතා පරිහරණයට පත්කිරීම සඳහා සංවිධානාත්මක ස්නයිෆර් කල්ලියක් යොදා ගනිමින්, ඇතුන් හා වනඅලි ඝාතන සිදු කෙරෙන බව පැහැදිලි බවත් ඒ අනුව රජය මීට අනිවාර්යෙන් පිළිතුරු ලබා දිය යුතු බවත් පූජ්‍ය පාගොඩ ජනිතවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද (23දා) පැවති සත්ත්ව සංවිධාන මාධ්‍ය හමුවකදී දැඩිව චෝදනා නැඟිණ.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා නව අගවිනිසුරු ලෙස නම් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දුන් නිර්දේශයට අද (23දා) ව්‍යස්ථාදයක සභාවේ අනුමතිය හිමිව තිබේ.
Read More2007 අංක 7 දරන සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (23) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
Read Moreටිඑම්විපී පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් විසින් තමන්ව නීති විරෝධිව අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින (2025.07.23) තීරණය කලේය.
Read Moreපරීක්ෂණ කමිටුව මගින් වරදකරු වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කරන බවත්, එලෙස ඇතුලත් කර සම්පූර්ණ දින 5ක් ගත වූ පසු මෙම යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලබන බවත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රැගෙන ආ වට්ටක්කා තොග අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීහු දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබෙන බවත් වට්ටක්කා කිලෝවක තොග මිල රුපියල් තිහේ සිට හතළිස් පහ දක්වා වූ මිල ගණන් පවතින බව ගොවීහු පෙන්වා දෙති.
Read Moreකොත්තු කඩ සහ වඩේ දැමීම වැනි කටයුතු කරමින් සිටියදී මුදල් විශුද්ධි කරණය හරහා කෝටිපතියන් වන ක්‍රමය නවතා දැමිය යුතු බව සංචරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පැවසීය.
Read Moreවාහන ආනයනය සීමා කිරීමට මහ බැංකුවෙන් කිසිම සූදානමක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය. තමන්ගේ දැනුම හැටියට රජයෙන්ද එවැනි ආකාරයක වාහන ආනයනය සීමා කිරීමට තීරණයක් ගෙන නොමැති බවද ඔහු පැවැසීය.
Read More· එරාවුර් රෝහල මුලික රෝහලක් ලෙස උසස් කිරීමට අමාත්‍යවරයාගේ අවධානය. · සෞඛ්‍ය සේවාවේ පැරණි පුරප්පාඩු ලේඛනය මේ වසරේ යථාවත් කිරීමට පියවර.
Read More